May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අටමස්ථාන නායක හිමි සිරගත කිරීමේ ජනපති මෙහෙයුමක් !

1 min read

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේවෙල හේමරතන හිමියන්ව, බාල වයස්කාර තරුණියෙකු දූෂණය කළේය යන චෝදනා මත සිරගත කිරීමේ මෙහෙයුමක් ජනාධිපතිවරයා විසින් දියත් කර තිබේ. එම හිමියන්ව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් නිලධාරින් අනුරාධපුරය බලා ඊයේ පිටත්ව ගියද, නැවත පැමිණ ඇත්තේ අධිකරණ නියෝගයකින් තොරව අත් අඩංගුවට ගැනීම සිදුනොකරන ලෙස ජනාධිපතිවරයා සිදුකරන ලද දැනුම්දීමකට අනුවය. ජනාධිපතිවරයා එසේ දන්වා ඇත්තේ, මහනායක හිමිනමක් විසින් ඒ පිළිබදව කරන ලද ඉල්ලීමකට අවනත වෙමිනි.

වයස අවු. 13 ක ගැහැණු ලමයෙකු තවත් කරුණයෙකු සමග නිට්ටඹුව ප්‍රදේශයේ හෝටලයක සිටියදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. එහිදී එම බාලවයස්කාර දැරිය මගින් පොලිසිය ප්‍රකාශ කරගෙන ඇත්තේ තමන්ව දූෂණයට ලක් කලේ අටමස්ථානාධිපති හිමියන් බවය. එම ප්‍රකාශය මත පදනම්ව, අටමස්ථානාධිපති හිමියන්ව අත් අඩංගුවට ගැනීම හා සිරභාරයට පති කිරීම මෙහි අරමුණ වී තිබේ.

මෙහි ඉහත සදහන් කර තිබුණ මහනායක හිමියන් කල ඉල්ලීමට අවනතන වහාම අටමස්ථානාධිපති හිමියන් අත් අඩංගුවට ගැනීම නතර කර ඇතත්, එම අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ උසාවිය පාලනය කිරීමට තමන්ට හැකියාවක් නැති බවය. ඒ අනුව, අධිකරණයට කරුණු වාර්තාකර උසාවි නියෝගයක් සහිතව අටමස්ථානාධිපති හිමියන් අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

ජනප්‍රිය පුවත්  බලශක්ති ඇමති ඉල්ලා අස් වේ!

පසුගිය දා අලුත් සහල් මංගල්‍යය සදහා ජනාධිපතිවරයා අනුරාධපුරයට ගිය අවස්ථාවේදි අනුශාසනාවක් කිරීමටද අටමස්ථානාධිපති හිමියන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම උත්සවය නිමාවීමෙන් පසුව පෞද්ගලිකව ජනාධිපතිවරයා මුණ ගැහුණු අටමස්ථානාධිපති හිමියන් ජනාධිපතිවරයාව හා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කර තිබේ. මෙම බාල අපචාර චෝදනාව මතුවන්නේ එම සිදුවීමෙන් පසුවය.

-රවින්ද්‍ර මුදලිගේ-

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x