July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සම්බන්ධයක් නැත !

1 min read

රටකට ජනාධිපතිලා ගොඩක් නැත. හොඳට හෝ නරකට ජනාධිපතිලා ඉන්නේ එක්කෙනෙක් ය. ඒ එකා ජනාධිපති ලෙස සිටිය යුතුය. ඒ ධූරයට ගැලපෙන ලෙස ක්‍රියා කළ යුතුය.

ධූරය යනු තමන් දරන තනතුර හෝ වගකීම ය. අප කැමති වුවත් නැතත් සමාජ ධුරාවලිය කියා දෙයක් ඇත. එය තුළ, පුද්ගලයකු දරන වෘත්තීය, දේශපාලනික, ආගමික හෝ සම්ප්‍රදායික තත්වය බාහිර ලෝකයට විදහා දක්වන ප්‍රධානතම සලකුණ වන්නේ ඇඳුමය.

විනිසුරුවරයාට ඇත්තේ වෙනම ඇඳුමකි. එමගින්, නීතිමය බලය සහ අධිකාරිත්වය සන්නිවේදනය කරයි. හමුදාවට ද එය එසේම වේ. පුද්ගලයකු තම ධූරයට හිමි ඇඳුම ඇඳගත් වහාම, ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් රටාව එම තනතුරේ ඇති ගරුත්වයට අනුකූලව ස්වංක්‍රීයව සිදුවේ. නිලමෙ අඳින්නේ නිලමෙට හරියන ඇඳුමය. හෙදිය අඳින්නේ හෙදියට හරියන ඇඳුමය.

ඇඳුම කියන්නේ හුදෙක් ශරීරය වසා ගැනීමට යොදාගන්නා වස්ත්‍රයක් නොවේ. එය, පුද්ගලයකු දරන ධූරයේ ස්වභාවය, බලය, වගකීම සහ සමාජමය තත්වය ලෝකයා හමුවේ කියවා ගන්නා “නිහඬ” භාෂාවකි.

චීන ජනාධිපති ෂී ජිං පිං ඇතුළු ඉහලම නායකයන් සාමාන්‍යයෙන් බටහිර පන්නයේ ඇඳුම් ඇන්ද ද, විශේෂිත සහ අතිශය වැදගත් අවස්ථාවල දී (ජාතික දින හමුදා ආචාර පෙලපාලි, පක්ෂයේ සියවස් සැමරුම) ලා අළු හෝ තද පැහැති “මාවෝ සූට්” ඇඳුම පලඳිති. මෙයින් සංකේතවත් වන්නේ චීන කොමියුනිස්ට් විප්ලවයේ ඓතිහාසික උරුමය, ජාතික අභිමානය සහ බටහිර බලපෑම් වෙතින් තොර ස්වාධීන චීන අනන්‍යතාවය යි.

ජනප්‍රිය පුවත්  ශිෂ්ටාචාර ජාතියක මහිමය!

ඒ නිසා මොකාවුවත්, තමනට උචිත ඇඳුම පැළඳිය යුතුය. කෙනෙකු සරලවන්නේ අඳින ඇඳුමින් නොවේ. සරලවන්නේ ජීවන පැවැත්මෙනි.

මහත්මාගාන්ධි ඉන්දීය අධ්‍යාත්මය ඇමතූ පුද්ගලයකු වූ නිසා ඇන්දේ සරල ඇඳුමකිි. ගත කළේ සරල ජීවිතයකි. ඒ නිසා ඒ ගැන කිසිවකු පරල වූයේ නැත.

මේ කතාව සහ මේ ඡායාරූපය අතර මෙලෝ සම්බන්ධයක් නැත. එය ඵළකර ඇත්තේ වැරදීමකින්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x