මේ “සිරස” කාගේද ?
1 min read
“උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැද්දෙ සවුන්දර” යනු තේරවිල්ලක් ය. ඒකට උත්තරය වන්නේ ආප්ප ය. ඒ හැබැයි නිකම්ම නිකන් ආප්පයට අදාලව ය.
බිත්තර ආප්පයට අදාළ වූ තේරවිල්ල වූයේ “වටේ කරවෙච්ච, මැද පිම්බිච්ච, හැමෝම ආස කරන සුදු මැණිකේ” කියාය. මේ ඡායාරූපයේ ඉන්නේ එවන් සුදු මැණිකෙලා දෙන්නෙක් ය. එක “සුදු මැණිකෙ” කෙනෙක් වන්නේ අගමැතිනී හරිනි ය. අනෙක් “සුදු මැණිකේ” වන්නේ කොළඹ නගරාධිපතිනී බල්තසාර් ය.
ඒත් අද අපි කතා කරන්නේ ඒ “සුදු මැණිකෙලා” දෙන්නා ගැන නොවේය. අප කතා කරන්නේ “සුදු මැණිකෙලා” දෙන්නගේ මැද්දේ වාඩි වී සිටින පුද්ගලයා ගැනය.
ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුවේ සිටින ප්‍රධාන පෙළේ එක් කකුළුවකු වන්නේ මේ පුද්ගලයා ය. “කකුළුවා දිය කනවා වගේ” කියා අපේ පැරැන්නන් කීවේ මේ අන්දමේ චරිත වලට ය. කකුළුවා දිය යට සිටිමින් ඉතා සෙමෙන් ගොදුරු ගිල දමනා අන්දමට ජනාධිපති අනුරව අත්ලේ තබාගෙන තිරය පිටුපසට වී මේ කකුළුවා ද “ගොදුරු” ගිල දමන්නේ ය.
මේ “කකුළුවා” වෙනින් කවුරුවත් නොව ශෂී රාජා මහේන්ද්‍රන් ය. “කැපිටල් මහරාජා ගෘප් එකේ වත්මන් සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂක වන ශෂී රාජා මහේන්ද්‍රන් වන්නේ මෙයා ය.
ශෂී රාජා මහේන්ද්‍රන්ගේ සීයා වන සින්නතම්බි රාජන්ද්‍රම් උපත ලැබුවේ 1903 දී ය. ඒ යාපනයේ කොක්කුවිල් ප්‍රදේශයේ දී ය. සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පියා (ශෂී රාජා මහේන්ද්‍රන්ගේ මුත්තනුවන්) වූයේ, බ්‍රිතාන්‍ය-ලංකා සමයේ මැලේසියාවේ වාසය කළ අයෙක් ය. සින්නතම්බි රාජන්ද්‍රම් සහ ඔහුගේ පාසැල් මිතුරකු වූ සුබ්‍රමනියම් මහාදේවන් යන දෙදෙනා එක්ව කොළඹ වූ ඇමරිකානු වෙළෙඳ නියෝජිත ආයතනවල රැකියාව කළේය. මේ කියන්නේ 1930 ගණන් ගැනය. දෙවැනි ලෝක යුද්ධයත් සමඟ මේ ආයතනවල අයිතිකරුවන් වූ ඇමෙරිකානුවෝ කොළඹ අතහැර ගියහ. ඒකේ වාසිය කැරකුණේ සින්නතම්බි රාජන්ද්‍රම්ට හා මහාදේවන් ට ය. එම සමාගම් තමන් සතුකරගත් මේ දෙන්නා “මහරාජා” සමාගමට උපත ලබා දුන්නේ ය.
කිලී මහාරාජා ලෙස ප්‍රකට, ශෂී රාජා මහේන්ද්‍රන්ගේ පියා එලෙස උපත ලද මහාරාජා සමාගමේ දෙවන පරම්පරාවේ ලොක්කා ය. ඒ “ලොක්කා” ලංකාවේ දේශපාලන හැසිරවීමට ක්‍රියා කළේ රාජ්‍යයට හතුරු පිල සමග හිටගෙනය. කොටි නායක ප්‍රභාකරන්ට වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතා ලෙස හැඳින් වූ එකම මාධ්‍ය නාලිකාව වූයේ සිරස ය. මැලේසියාවේ සිට යාපනය හරහා ගලා ආ ලේ උරුමයත්, ඇමරිකානු සමාගම් අහම්බෙන් තමන් අතට පත්වීමෙන් ලද ව්‍යාපාරික ගැතිබවත් මේ පරපුරට උරුම කළේ සිංහල බෞද්ධ විරෝධයත්, එමගින් එම රාජ්‍යය සමඟ වන ආවේණික හතුරුකමත් ය.
සිරස TV නාලිකාව සිංහලෙන් කරන්නේ සිංහල තරුණ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ විලි බිය නැති කිරීමය. ඒක හොඳින්ම පෙනෙන්නේ “Voice Teens Sri Lanka” බලන විටය. එයට සහභාගිවන සිංහල ගැටවරයෝ පට්ට “වෙස්ටන්” ය. වතුකරයෙන් හෝ කොළඹින් එන දෙමළ තරුණ තරුණියෝ සැමවිටම පෙනී ඉන්නේ සිය සම්ප්‍රදායික අණන්‍යතාව රැකෙන පරිදි ය.
2020 වසරේ “Voice Teens Sri Lanka” කිරුළ දිනාගත් ප්‍රණීෂා ත්‍යාගරාජාගේ සිට, යුගේන්ද්‍රන් පනියර්ථනම්, තිරු ප්‍රශාන්ත්, අභිලාෂ් ප්‍රනාන්දු, ෂැරන් ප්‍රනාන්දු ආදී සැවොම අධ්‍යයනය කළහොත් ඕනෑම අයකුට අප මේ කියන දේ තේරුම්ගැනීම පහසු ය. රනිල් වික්‍රමසිංහ සටන්විරාම ගිවිසුම කර තබාගෙන යන විට, එයට මාධ්‍ය පාවාඩ එලුවේ මේ “සිරස” ය. සිංහල සිරස පොදු සංස්කෘතික අනන්‍යතාවට හතුරු වූවාට දෙමළ “ශක්ති TV” එසේ නැත. එය හැමවිටම ප්‍රවර්ධනය කරන්නේ දෙමළ අනන්‍යතාවම ය.
යාපනයේ සිට මලයාසියාවටත්, එතැනින් කොළඹ කොටස් වීදියේ (Bankshall Street) සිට ශ්‍රී ලංකාව පුරාවටත් විහිදුනු සිය ව්‍යාපාරික බලය දේශපාලන බලය හැසිරවීම සඳහා යොදාගන්නා මෙරට සිටින ගෝඩ් ෆාදර් වනනේ අදට අදාලවනම් ශෂී රාජා මහේන්ද්‍රන් ය. අනුරව, ඇමරිකාව රකිනතුරු මේ “සිරස” ද අනුරව රකින්නේය. අනුරව ජ.වි.පෙ. නායකත්වයට ගෙන එන ගේමේ ද පිටුපස සිටි එක් මෙහෙයුම්කරුවකු වූයේ මේ “සිරස” ය.
එක අතකින් මේ “සිරස” සමරිසි ය. ඒ, ඔහුගේ දේශපාලන සහවාසය ඇත්තේ අනුර සමඟ වන නිසාය. අද මේ දෙන්නා ඉන්නේ “එක ගොඩෙන් කකා, එක ළිඳෙන් බොකා” ය. අපේ ගැමියෝ මෙහෙම කීවේ “සමාජ විරෝධී හා දුෂ්ඨ දෙදෙනකු රහසින් සමීපව එකතු වී තම වාසි තකා කටයුතු කරන ස්වභාවය හැඳින්වීමට ය. තඹුත්තේගම ගැමියෝ වුවත් ඒ ගැන දන්නේය.
කොහොම වුනත්, ශෂී රාජා මහේන්ද්‍රන්ගේ දෙපැත්තේ ඉන්න දෙන්නා මේවා දන්නේ නැත. උන්දැලා දෙන්නා දන්නේ “සුදු මැණිකෙලා” වී කාලය ගෙවන්නට ය. “සුදු මැණිකෙලා” දෙන්නා මැද්දෙ ඉන්නේ “සුදු මහත්තයකු” බවද ඒ දෙන්නා දන්නේ නැත. අදට මෙපමණ ය. සෙස්ස පස්සට ය.
