May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුපියලත් කඩා වැටේ, සංචිතත් බහී !

1 min read

2026 මාර්තු මාසය වන විට ඇ.ඩො.බි. 7 ක්ව පැවති මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අප්‍රේල් මාසය නිමා වන විට 3.8% කින් පහල ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය ඇ.ඩො.බි. 6.75 ක් වේ.

අනුර කුමාර ජනාධිපතිධූරය බාරගන්නා විට මෙරට විදේශ වත්කම් සංචිතයේ අගය ඇ.ඩො.බි. 6 කි.

මේ අතර රුපියල් අගය ද නොනවත්වා පහළ යමින් තිබේ. අද (10) වන විට එහි විකුණුම් මිල රු. 325.5338 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ. වෙළඳපොල තුළ ඉල්ලුමට සරිලන පරිදි ඇමරිකානු ඩොලර් නොමැති වීම මත විදේශ වත්කම් සංචිතය සතු ඇ.ඩො.මි 17 ක් පසුගියදා වෙළඳපොළට අලෙවිකිරීමට මහ බැංකුව ක්‍රියා කර තිබිණි. එමඟින් මහ බැංකුව අපේක්ෂා කරන ලද්දේ ඇමරිකානු ඩොලරයට ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළඳපොල තුළ කෘතිමව ඇති කිරීමටය. එමගින් රුපියල අවප්‍රමාණය වීම වලකා ගැනීමටය. එහෙත් මහ බැංකුවේ එම උත්සාහය සාර්ථක වී ඇති බවක් නොපෙණේ.

රුපියල එක රුපියලක අගයකින් අවප්‍රමාණය වින විට, ශ්‍රී ලංකාවේ ණය බර රු. බි. 37 කින් එනිසාම ඉහළ යයි. මෙම තත්වය මගින් පෙනී යන්නේ, පාලනය ගිලිහුණු යාත්‍රාවක් කුණාටුවකට ලක්ව ඔහේ ඇදී යන්නාක් බඳු තත්වයකට මෙරට ආර්ථිකය ගොදුරුව ඇති බව යැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

  • සම්පත් බුලේගොඩ –
ජනප්‍රිය පුවත්  ගල් අඟුරු වංචාවක් වෙලා…තවත් නම් හෝදන්න බෑ…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x