බෝදරගමට බෝම්බයක් !
1 min read
කොළඹ අලුත්කඩේ අධිකරණයේ දැනට සේවය කරන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතාගේ වෘත්තීය පසුබිම සහ විදේශීය අධිකරණ සේවයේ නිරත වීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මහජන කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන ශ්රී ලාංකික පුරවැසියෙකු විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
2017 නොවැම්බර් 03 වන දින පළ වූ The Fiji Times පුවත්පතේ “New resident magistrate sworn-in” යන ශීර්ෂයෙන් යුතු වාර්තාවක Asanga Shyamal Bodaragama නමැති පුද්ගලයෙකු ෆීජි රාජ්යයේ මහේස්ත්රාත්වරයෙකු (Resident Magistrate) ලෙස දිවුරුම් දුන් බව සඳහන් වන බව එම ලිපියෙහි පෙන්වා දී තිබේ. මීට අමතරව ෆීජි රාජ්යයේ අධිකරණ වෙබ් අඩවියේ සහ නීතිමය ප්රකාශනවල ද එම නම සඳහන් වන බව දක්වා ඇත.
එම තොරතුරු ශ්රී ලංකාවේ කොළඹ අලුත්කඩේ අධිකරණයේ දැනට සේවය කරන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතාගේ වෘත්තීය පසුබිම හා සම්බන්ධ වන්නේ ද යන්න තහවුරු කරගැනීම සඳහා අදාළ ලිපිය මගින් කරුණු 4 ක් ඔස්සේ තොරතුරු විමසා තිබේ.
අදාළ නීතිමය සහ පරිපාලනමය සීමාවන් ඇතුළත සිට මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
- කවිදු ජයතිලක
අදාල ලිපිය පහත සදහන් වේ.
“ලේකම්තුමා,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
තැපැල් පෙට්ටිය 573,
හල්ෆ්ස්ඩෝප්,
කොළඹ 12.
මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතාගේ වෘත්තීය පසුබිම පිළිබඳ කරුණු තහවුරු කරගැනීම සඳහා කරන ඉල්ලීම
ගරු ලේකම්තුමනි,
මහජන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්රී ලාංකික පුරවැසියකු ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කරමි.
2017 නොවැම්බර් 3 දින පළ වූ The Fiji Times පුවත්පතේ “New resident magistrate sworn-in” යන වාර්තාවෙහි, Asanga Shyamal Bodaragama නමැති පුද්ගලයකු ෆීජි රාජ්යයේ Resident Magistrate තනතුරට පත් කිරීම පිළිබඳ සඳහන් වේ.
එසේම, ෆීජි අධිකරණයේ වෙබ් අඩවියේ පළ කර ඇති තොරතුරු සහ නීතිමය ප්රකාශනවල ද Asanga Bodaragama නමැති මහේස්ත්රාත්වරයකු පිළිබඳ තොරතුරු දක්නට ලැබේ.
මෙම තොරතුරු ශ්රී ලංකාවේ කොළඹ අලුත්කඩේ අධිකරණයේ මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතාගේ වෘත්තීය පසුබිම සමඟ සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ නිල වශයෙන් කරුණු තහවුරු කරගැනීමට කැමැත්තෙමි.
ඒ අනුව, නීතියෙන් සහ අදාළ පරිපාලන ක්රමවේදයන්ගෙන් අවසර ලැබෙන සීමාව තුළ, පහත කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
- ඉහත සඳහන් ෆීජි රාජ්යයේ මහේස්ත්රාත් තනතුරට පත් වූ පුද්ගලයා සහ ශ්රී ලංකාවේ මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා එකම පුද්ගලයකුද යන්න තහවුරු කළ හැකිද?
- අදාළ පුද්ගලයා ශ්රී ලංකාවේ අධිකරණ සේවයට සම්බන්ධ වූ කාලසීමාවන් සහ විදේශීය අධිකරණ සේවයට සම්බන්ධ වූ කාලසීමාවන් පිළිබඳ මහජනතාවට ලබාගත හැකි නිල තොරතුරු තිබේද?
- අදාළ නිලධාරියාගේ පත්වීම්, සේවා ඉතිහාසය සහ විදේශීය අධිකරණ සේවයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අදාළ නීති හා පරිපාලන අවශ්යතා සම්පූර්ණ කර තිබේද යන්න පිළිබඳ තහවුරු කළ හැකි තොරතුරු ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු නිල ක්රමවේදය කුමක්ද?
- විදේශීය අධිකරණ සේවයක සේවය කළ අධිකරණ නිලධාරියකු සම්බන්ධයෙන් පුරවැසිභාවය හෝ වෙනත් අදාළ කරුණක් පිළිබඳ නිල වශයෙන් තහවුරු කරගැනීමට නීත්යනුකූල ක්රමවේදයක් තිබේද? එසේ තිබේ නම්, අදාළ නීතිමය සීමාවන්ට යටත්ව ඒ සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ආකාරය දන්වා සිටින ලෙස ඉල්ලා සිටිමි.”
