රංගගේ රංගනය
1 min read
මේ ඡායාරූපයේ මැරී වැටී සිටින්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකෙරුණු එයාර්-බස් ගනුදෙනුවකට අදාල අධිකරණ විභාගය අතරතුර ඇප ලබා පැමිණීමෙන් පසු, ඔහු මෙසේ මිය ගොස් සිටියේය. ඔහු එදා නතර වී සිටියේ තම මස්සිනාගේ නිවසේය. ඒ, ලොව පිළිගත් විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අරවින්ද ද සිල්වාගේ නිවසේ ය. අරවින්ද හා කපිල විවාහ වී සිටියේ එකම මවකගෙන් උපත ලද නිවුන් සොහොයුරියන් දෙදෙනාවය. කපිල විවාහ වී සිටියේ අක්කාව ය. අරවින්ද විවාහ වී සිටියේ නංගිව ය.
කපිල චන්ද්‍රසේන මිය යන්නට පෙර සිය නීතිඥයා හරහා දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණය වෙත දන්වා සිටියේ අල්ලස් කොමිශමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක තමන්ට අදාළ පරීක්ෂණයේ දී තර්ජනය කළ බවය. මෙම එයාර්-බස් ගනුදෙනුවෙන් අයථා ලෙස ලබාගත් මුදල් මහින්ද රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට ලබා දුන් බව පවසන ලෙසත්, එසේ නොකළහොත් කෙහෙලියගේ නඩුවට පැටලී සිටි ව්‍යාපාරිකයා සියදිවි නසාගත් අන්දමින් තමාට ද සියදිවි නසාගැනීමට සිදුවනු ඇතැයි කියමින් ඔහු තමාට තර්ජනය කළ බව එමඟින් දන්වා තිබුණි.
පසුව කපිලට අධිකරණය මගින් කොන්දේසි සහිතව ඇප ලැබුණි. ව්‍යාජ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරීම හේතුකොටගෙන නැවත ඇප අවලංගු කරන ලද විනිසුරුවරයා, වරෙන්තු නිකුත් කළේ කපිලව අත් අඩංගුවට ගෙන යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එහෙත් එදා දවස තුළ පොලිසිය ඒ සඳහා ක්‍රියා කළේ නැත. ඒ කුමන හේතුවක් මත ද? ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා මුස්ලිම් ජාතිකයන් ය. ඔවුන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කළේ කවුද? අරවින්ද ද සිල්වා වැනි ලොව සුපතල ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සමීපතම ඥාතියකුට ඇප ලබා දීම සඳහා ඥාති කිසිවකු නොසිටියේයැයි අපට පිළිගත හැකි ද?
සාමාන්‍යයෙන්, තරමක දිගු කලක් අතිශය අප්‍රියජනක හා කටුක සිරගතවීමක ගත කරන ලද අයකු මෙලෙස ඇප ලබා පැමිණි වහාම එම ඇප අවලංගු කිරීමත් සමඟ නැවතත් තමන්ට යාමට සිදුව ඇත්තේ ඒ අපා දුක විඳිනට සිදුවෙන සිරගත ජීවිතයටම නොවේද යන ප්‍රශ්නය හමුවේ අසරණ වන්නේය. එවිට එවැනි ඉරණමකට ලක් වූ කපිල වැනි ඉහළ මධ්‍යමපාන්තිකයකුට සිතෙන්නේ ජීවිතයට සමු දීමට ය. ව්‍යාජ ඇපකරුවන් හරහා කවුරුන් හෝ උත්සාහ කළේ මේ ප්‍රතිඵලය හිමිකර ගැනීමට ද?
අධිකරණය හමුවේ කිසියම් චෝදනාවක් විභාග කිරීමම දඩුවමක් බවට පත්විය යුතු නැත. එහෙත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක හැසිරෙන්නේ යමපල්ලකු විලසය. ඒ යමපල්ලාට ඕනෑ හැටියට ඕනෑ නැටුමක් නටන්නට ඉඩ දී කොමිෂමේ සභාපති ඇතුළු ඉහල කෙරුමෝ බකන් නිලාගෙන සිටින්නේ ය. රංග දිසානායකගේ භිෂණය නිසා දැන් චූදිතයෝ දෙදෙනකු මරණය වැළඳගෙන අවසන්ය. ඒ මරණ දෙකෙහිම ලේ තැවරී ඇත්තේ රංග දිසානායකගේ අත් දෙකෙහිය.
මේ රංග දිසානායක අධිකරණ විනිසුරුවකු ලෙස සිටි කාලයේ තම පුතා රැගෙන යාමට කොළඹ රාජකීය විද්‍යාලයට මෝටර් රථයෙන් පැමිණ ඇති කරගත් ගැටුම කාට කාටත් මතක තිබිය යුතුය. මේ ලියුම්කරුගේ මතකය අනුව එම ගැටුම ඇතිවන්නේ කොවිඩ් වසංගතය පැවති කාලයේය. ඒ වන විට පාසලට ඇතුල්වන භාහිර පුද්ගලයන්ට අදාළව පනවා තිබූ විශේෂ නීති රීති නොසලකා හරිමින් තමන් අධිකරණ විනිසුරුවරයෙක් ලෙස හඬ නගා පවසමින් රංග දිසානායක දැක් වූ රංගනයෙන් පෙනී යන්නේ මොහු අධික හීනමානයෙන් පෙලෙන මන්දමානසිකයකු බවය. තමා දරණ තණතුර හෝ සමාජ තත්වය හඬ නගා පවසා, ඒ නිසා අන්‍යයන් තමන්ට විශේෂ ලෙස සැලකිය යුතු යැයි සිතන්නේ පට්ට හීනමාන ලෙඩ්ඩුය.
දැන් සිදු වී ඇත්තේ ඒ හීනමාන මන්දමානසිකයාට දරාගත නොහැකි තණතුරක් හිමිවීම ය. ඔහු දැන් කරනුයේ එම තණතුරෙන් පිම්බී පරීක්ෂණයට භාජනය වන නඩුවල චූදිතයන් තර්ජනය කර හෝ බියට පත් කර හෝ තම ගජ මිතුරු විනිසුරන් එම නඩු අහන අධිකරණයන්හි අසුන් ගන්වා හෝ තමාට උවමනා තීන්දුව ලබා ගැනීමය. නල්ලමලේ පුනරුදයේ යුක්තිය පසඳලීමට අත් වී ඇත්තේ මෙම ඉරණමය.
රංග දිසානායක මේ ජීවිතයට ද, මීට පෙර සියදිවි නසාගත් ජීවිතයට ද වගකිව යුතුය. රංග දිසානායක පමණක් නොව, මේවාට උඩ ගෙඩි දෙන සියලු දෙනා අනාගතයේදී උත්තර දීමට සූදානමින් සිටිය යුතුය. බලය තාවකාලිකය. බලයෙන් උමතු වූ මන්දමානසිකයන්ගේ ඉරණම ඛේජනකය ! රංගගේ රංගනය තාත්වික නැත. අධි තාත්වික ය. පෙරලා ලැබෙන ප්‍රතිචාරයද එබඳුම වීම වැලැකිය නොහැකි වනු ඇත. රංග දිසානායක බිලිගන්නා තුන්වැනි ජීවිතයට පෙර සියල්ල සිදු වනු ඇත.