විදුලි බස් රථ 200ක ව්යාපෘතිය ගැන විගණනයෙන් හෙළිදරව්වක්
1 min read
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමේ ව්යාපෘතිය කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත් නියමිත කාලය තුළ ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
ඒ, ශ්රී ලංකාවේ විදුලි වාහන භාවිතය, පසු භාවිත කළමනාකරණය සහ පාරිසරික බලපෑම සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවක් මගිනි.
කොළඹ අගනගර කලාපයේ සහ ගම්පහ දිස්ත්රික්කයේ පොදු ප්රවාහන සේවාව සඳහා මෙම විදුලි බස් රථ 200 යෙදවීමට සැලසුම් කර තිබුණි.
ඉන්ධන ආනයනය අවම කිරීම, වායු දූෂණය අඩු කිරීම සහ පොදු ප්රවාහන සේවාව පරිසර හිතකාමී කිරීම ව්යාපෘතියේ ප්රධාන අරමුණු විය.
කෙසේවෙතත්, විදුලි බස් රථ මිලදී ගැනීම සඳහා ලංසුකරුවන් දස දෙනෙකු යෝජනා ඉල්ලීම් ලේඛන මිලදීගෙන තිබුණද, යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ එක් ලංසුකරුවෙකු පමණක් බව විගණනයේදී හෙළි වී ඇත.
නමුත් එම ලංසුකරු විසින් ව්යාජ කාර්යසාධන බැඳුම්කරයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු නුසුදුස්සෙකු බවට පත්ව ඇති බවද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව, 2024 ජූලි 20 වැනිදා අදාළ ප්රසම්පාදන ක්රියාවලිය අවසන් කර තිබු බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.
එහෙත් 2025 ඔක්තෝබර් 27 වැනිදා වන විටත් විදුලි බස් රථ මිලදී ගැනීමේ සහ ධාවනයට එක් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට අවශ්ය ක්රියාමාර්ග ගෙන නොතිබූ බව විගණනයෙන් අනාවරණය වී තිබේ.
ප්රසම්පාදන පරිපාලනයේ දුර්වලතා, ලංසුකරුවන් ඇගයීමේ අඩුපාඩු, හදිසි අවස්ථා සඳහා විකල්ප ප්රසම්පාදන සැලසුම් නොමැතිවීම සහ ප්රවාහන අමාත්යාංශය, මහා භාණ්ඩාගාරය සහ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර දුර්වල සම්බන්ධීකරණය ව්යාපෘතිය ප්රමාද වීමට හේතු වී ඇති බවද විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.
මෙවැනි ව්යාපෘති ප්රමාදවීම හේතුවෙන් ඉන්ධන ආනයනය අවම කිරීම සහ නාගරික වායු දූෂණය අඩු කිරීම වැනි අපේක්ෂිත ආර්ථික හා පාරිසරික ප්රතිලාභ ලබා ගැනීමද ප්රමාද වී ඇති බව විගණන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
- ජයන්ත වීරමුණි
