May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වීදි ලාම්පුවලටත් විදුලි සමාගමෙන් බිල් එවයි.

1 min read

දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරනු ලබන වීදි ලාම්පු සඳහා විදුලි බිල්පත් නිකුත් කිරීමට ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය තීරණය කර තිබෙනවා.

මාතලේ මහ නගර සභාවේ සභික අමිල නිරෝෂණ මේ පිළිබඳව කරුණු අනාවරණය කළා.

පළාත් පාලන බල ප්‍රදේශවල සවි කර ඇති වීදි ලාම්පු සංඛ්‍යාව පදනම් කරගනිමින් මෙම බිල්පත් ගණනය කිරීමට නියමිතයි.

මෙම වියදම අදාළ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් අය කර ගැනීමටයි එම සමාගම පියවර ගෙන ඇත්තේ.

මෙම වැඩපිළිවෙළ හම්බන්තොට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව තංගල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයා විසින් 2026 මාර්තු 26 දිනැති ලිපියකින් වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා දැනුවත් කර තිබෙනවා.

බිල්පත් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඇතැම් පළාත් පාලන ආයතන වීදි ලාම්පු ගලවා ඉවත් කිරීමට පෙළඹිය හැකි බවත්, එමගින් රට පුරා නගර සහ ග්‍රාමීය මාර්ග අඳුරේ පවතිනු ඇති බවයි අමිල නිරෝෂණ වැඩිදුරටත් පෙන්වා දුන්නේය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x