June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රු. කෝටි 27 ගල් අඟුරු මුහුදුබත් වීමේ අවධානමක්…!

1 min read

නොරොච්චෝලෙ ආසන්න මුහුදේ නවතා ඇති ගල් අඟු‍රු නැව් දෙකෙහි ගොඩබෑම් කටයුතු සිදු නොකරන බැවින් ඒ වෙනුවෙන් අතිරේකව දිනකට රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවීමට සිදුව තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක මහතා පවසන බව වාර්තා වේ.

එසේම ඔහු සඳහන් කරන්නේ කෝටි 27 ගල් අඟුරු මුහුදට වැටීමේ අවධානමක් පවතින බවයි.

ඔහු මේ බව කියා සිටියේ ගල් අඟු‍රු ආනයනය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඊයේ(15) දින පැමිණිල්ලක් සිදුකරමින්.

” මේ නොරොච්චෝලේ මුහුදේ තියෙනවා නැව් දෙකක්. තව ටික දවසක් යනකොට එක නැව් තුනක් බවට පත්වෙනවා. සාමාන්‍ය තත්ත්වයේදී දිනකට ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 15000ක් අන්ලෝඩ් කරනවා හැබැයි මේ වෙද්දි එක ගල් අඟුරු ටොන් එකක්වත් අන්ලෝඩ් කරන්නේ නෑ. මොකද මුහුදේ තියෙන තත්ත්වේ හින්දා..ගොඩ බෑම සඳහා ගිවිසුම්ගත වෙලා තියෙන්න උපරිම දවස් හයක කාලයක්. මේකත් එක්ක වැඩිවෙන හැම දවසකටම ඒ නැව් සමාගමට දවසට ඒකට අවශ්‍ය මුදල් ගෙවන්න වෙනවා. ඒ වගේම දවස් හයකට පහුවෙන හැම දවසකටම අවසාන වශයෙන් ලක්ෂ පනහකට ආසන්න මුදලක් එක දවසකට ගෙවන්න වෙනවා ප්‍රමාද ගාස්තු විදිහට. ඒ වගේම තමයි එක නැවකින් මෙට්‍රික් ටොන් දහදාහකට ආසන්න ප්‍රමාණයක් කෝටි විසි හතක ගල් අඟුරු මුහුදට වැටීමේ අවධානමක් තියෙනවා. ආසන්න වශයෙන් ගත්තහම බිලියන තුනකට වැඩිය පාඩුවක් එනවා ඉස්සරහට එන නැව් හත මේ වාරකන් කාලය තුළ ගොඩට ගේමට දරන උත්සාහයත් එක්ක කෝටි 300 කට ආසන්න ප්‍රමාණයක පාඩුවක් වෙනවා..”

ජනප්‍රිය පුවත්  මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන හිටපු කතානායක ජනපතිට ලියයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x