June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝ වගේද කසුන් බ්‍රෝ..?

1 min read

මේ ඉන්නේ කසුන් ය. කසුන් කීවාට කසුන් දිසානායක ය. මේ කසුන් වෙන කසුන්ලාට වඩා වෙනස්ය. ඒ, මේ කසුන් ජනාධිපති අනුර කුමාරගේ පුතා නිසාය.

මහින්ද රාජපක්ෂගේ පුතා යෝෂිත, නීතිරීති වෙනස් කරගෙන, වන්නි මානුෂීය මෙහෙයුමේදී හමුදාවන්ට බැඳෙන්නට කොල්ලො උනන්දුකරවන්න “නේවි” එකට රිංගුවට මේ පුතා එබදු ගොං වැඩ කරන්නට ගියේ නැත. එකල විපක්ෂයේ මන්ත්‍රිවරයකුව සිටි තාත්තාගේ පිහිටෙන් මේ පුතා ගියේ “මිහින් එයාර්” ගුවන් සේවයට ය. මේ පුතාගේ තාත්තා ඒ ඉල්ලීම සිදු කලේ එවකට සිවිල් ගුවන් සේවා ඇමතිකම දැරූ ප්‍රියංකර ජයරත්නගෙන්ය. ප්‍රියංකර ජයරත්න එම ඉල්ලීම ඉටු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අරගෙනය. ඒ වැඩේ ක්‍රියාවට නැගුවේ, එකල එම ආයතන පාලනය කළ නිශාන්ත වික්‍රමසිංහය. නිශාන්ත වික්‍රමසිංහ යනු මහින්දගේ නෝනා ශිරන්ති රාජපක්ෂගේ එක කුස උපන් සහෝදරයාය.

කසුන් පුතාට ලීසා මෙන්ඩිස් මුණගැහුනේද මිහින් එයාර් වැඩ කරන විටය. පසුව, කසුන් පුතා ඇයගේ ආගමට අනුව, කතෝලික චාරිත්‍රානුකූලව ඇය සමඟ විවාහ වූයේ රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ය. එයින් කියවෙන්නේ කසුන් පුතා තම කසාදය වෙනුවෙන් ආගම ද කැප කළ බවය. මේ පුතා, යෝෂිතලා වැනි පුතුන් සමග සසඳන විට පට්ට පුතෙකු වන්නේ ඒ හින්දාය.

ජනප්‍රිය පුවත්  ආපදාවේ දේශපාලනය

“මිහින් එයාර්” වැහුවේ යහපාලන ආණ්ඩු කාලයේය. එම ආයතනයේ වැඩ කළ බොහෝදෙනෙකුට, ඒ නිසා සිය රැකියාව අහිමි වුනත්, කසුන් පුතා එහෙම පවුකාරයෙක් වුණේ නැත. සිය පියතුමා හරහා රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් කරන ලද ඉල්ලීමක් මගින්, “ශ්‍රී ලංකන් එයාර්” එකට පත්වීම හදාගන්නට කසුන් පුතා සමත් වූයේය. ඒ අනුව ගත් කල, කසුන් පුතා යෝෂිතලා වගේ පවුකාරයෝ නොවේය.

මේ පුතා දැන් වැටුප් ගන්නේ ශ්‍රී ලංකන් එකෙන්ය. එහෙත් වැඩ කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. ඒ සඳහා සැලකිය යුතු වැටුපක් හිමිවන්නේ ධම්මික පෙරේරාගේ ආයතනයකින්ය. ඒ අතිනුත් මේ පුතා පට්ට වාසනාවන්තය.

යෝෂිතලාට මේවා තේරෙන්නේ නැත. යුද්ධයට බැඳෙන්නට, කොල්ලො පිකප් කරන්නට නාවික හමුදාවට බැඳීම වැනි ගොං වැඩ මේ කසුන් පුතා නම් මේ සම්මත්ජාතියේදී නම් කරන්නේම නැත. කසුන් පුතා අනුර තාත්තාගේ වීම ඒ වාසනාවේ රහසය.

(ප.ලි. කසුන් පුතාට මිහින් එයාර් රැකියාව දුන් ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිෂමට කැඳවා ඇත්තේත්, එය ප්‍රායෝගිකව ඉටුකළ නිශාන්ත වික්‍රමසිංහ හිරගෙදරට දැක්කුවෙත්, මිහින් එයාර් වහන විට, කසුන් පුතාව “ශ්‍රී ලංකන් ගුවන් සමාගම” ට බාරදුන් රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙව්වෙත් වෙනින් කවුරුවත් නොව කසුන් පුතාගේ පියාගෙ ආණ්ඩුව ය ! ඒ, ප්‍රතිඋපකාර වශයෙන් ය !)

ජනප්‍රිය පුවත්  සැගවුණු අමුත්තා !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x