June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විරු හදවත නොදකින මරු හදවත!

1 min read

මේ අපේ රණවිරුවෝ ය. ජනාධිපතිගේ, සේනාධිනායකගේ ස්ථාවරය අනුවනම් මේ අපේ සොල්දාදුවෝ ය.

විපතේ දී පිහිටට එන්නේ විරුවෝය. ගං වතුරට බැස, ජීවිත අවදානම ගෙන මිනිසුන්, සතා සීපාවන් බේරා ගත්ත ද පඩි වැඩිවීම් නැත. දිරි ගැන්වීමේ දීමනා නැත. සෙව්වන්දිලා හුරතල් කරමින් රැගෙන එන විට තිබෙන පිළිගැනීම් ද නැත. කොටින්ම තියෙන දේත් කප්පාදු කරනු මිස කිසිවක් අළුතෙන් ලැබෙන්නේ නැත. එහෙත් ඒ කිසිවක් අදාළ නැත. ඔවුහු අවශ්‍යතාව ඇත්තේ කොතැනද එතැන සිටිති. එවැන්නවුන් විරුවෝ නොවන්නේනම් විරුවන් වන්නේ කවරහු ද?

දැන් මේ ජනයාට, සතා සීපාවට කරුණාබර හදවතින් දුක් විඳ පිහිටට එන්නේ උතුරේ කොටි ”විරුවෝ” ද දකුණේ ”ඉල් විරුවෝ” ද? මහපොළොවේ ඇත්තේ එක් විරුවකු පමණි. පාලන බලය ගත් මරුවෝ ඇත්තේ හැන්ගිලා ය. ! එහෙත්, විරුවෝ මිනිසුනට මෙන්ම සතා සීපාවට ද දයාබරව පිහිටට එති! ඔවුන් සතු විශිෂ්ඨ මානව ගුණය විදහා පෙන්වති.

මේවා දකින් විට රජ සැප විඳින මරුවන්ට ඌරු ජුවල් ය.! ඉතින් දෙයියනේ ඒකට අපට ‘පාන්’ ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x