June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලාල් සහ හෑවා!

1 min read

මේ ඉන්නේ හෑවගේ ය. ඒ දවස්වල මේ හෑවගේ යන්නේ බස් එකේ ය. ඒ එහි අසුනක වාඩි වී හෝ නොව හිටගෙන ය. හිටගෙන පමණක් නොව පොල්ල ද අල්ලා ගෙන ය.

අල්පේච්ඡ හෑවගේ එහෙමය. ජෙප්පෝ කොහොමත් අල්පේච්ඡය.! හෑවගේට අයත් නිවසේ කුස්සිය තිබුණේ ද බිත්ති වෙනුවට ඉටිකොළ වලින් ආවරණය කර ය. මේ නිසා හෑවගේලා රටට තමන්ව ‘‘අලෙවි“ කළේ හරි සරල මිනිස්සු කියාය. මිනිස්සුත් හෑවගේලට පට්ට විදියට රැවටුණේය. වල්පැල රමේෂ් පතිරණලා ගෙදර තබා මල් පැල හෑවගේලට තැණ ලැබුණේය.

දැන් හෑවගේ බස් එකේ යන්නේ නැත. ඒ බස් නැති නිසා නොවේ. බස්වල බස් දොඩමින් යන්න වෙලාවක් නැති නිසා ය. ඒ තරමට හෑවගේ රට වෙනුවෙන් වැඩය.

මේ දවස්වල හෑවගේලාගේ ගෙදර ගෝරිය. හෑවගේගේ නෝනා ඉන්නේ යකා වැහිලා ගාණට ය. හෑවගේ ඒ නිසා ගෙදර ඉන්නේ පරිස්සමින් ය. ඒ තරමටම නෝනාගේ බරබරේ වැඩිය!

ඇය හෑවගේගෙන් අහන්නේ මෙච්චර ය.

‘‘උඹට වැරි වුණාට ඔය මගුලෙ දේශපාලනය කරලා තට්ටු 3ට ගෙයක් හදා ගන්න ඔය උඹලෑ මහ ලොකු ලාල් හදලා තියෙන්නෙ. අපරාදේ මට ඒ මිනිහව බැඳ ගන්න බැරි වුණේ.! නොදකින් මේ හිපාටුවා”

ජනප්‍රිය පුවත්  රංගගේ රංගනය

ලාල් නිසා හෑවගේට සිදුව ඇත්තේ විශාල විපතකි. මේ විපත මේ දිනවල හෑවගේලා වැනි ජෙප්පන්ගේ බොහෝ ගෙවල් තුළ ඇති වී ඇත. තම බිරින්දෑවරු ඉදිරියේ හෑවගේ වැනි සරල ජෙප්පන් මෙහෙම අමාරුවක මීට කලින් වැටිලා නැත.

හෑවගේ පෙරලා තම බිරිඳට කියන්නේ මෙච්චරය.!

‘‘අපරාදෙ මට ලාල්ගේ ගෑනිව කසාද බැඳගන්න බැරි වුණේ,“

ලාල් කරන වැඩ නිසා ජෙප්පො ඉන්නේ මෙබදු ලල් එකකය.! මොනවා උනත් ලාල් ඵලය!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x