මේ වසරේ පළමු මාස 04ට රුපියල කඩා වැටුණ හැටි මෙන්න
1 min read
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 5.4%කින් අවප්‍රමාණ වී තිබේ.
විදේශ විනිමය වෙළෙඳපොළේ පවතින උච්චාවචනයන් හමුවේ රුපියලේ අගය මෙලෙස පහත වැටී ඇති බව එම නිල දත්ත වාර්තාවලින් පැහැදිලි වේ.
මේ අතර, මෙරට විදේශීය ද්‍රවශීලතා මට්ටම පිළිබඳව තොරතුරු දක්වන එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ 2026 අප්‍රේල් මාසය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.77ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති බවයි.
චීන මහජන බැංකුව සමඟ ඇති කරගනු ලැබූ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම (Swap Arrangement) යටතේ මෙරටට ලැබුණු අරමුදල් ද මෙම සමස්ත නිල විදේශ සංචිත පද්ධතියට ඇතුළත් කර ගණනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
