June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රමිෂ්කාගේ දන්සැල විවෘත කරන්න ටිල්වින් යයි !

1 min read

දෙහිවල සරණංකර ටෙරස් මාවතේ වෙසෙන බෞද්ධ හා සෙසු ආගමික ජනයා එක්ව වාර්ෂිකව පවත්වන වෙසක් දන්සැල ඊයේ පැවැත්විණි. විශේෂත්වය වන්නේ, ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ ගේ ආරාධනාව පරිදි එම දන්සල විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් මේස්ත්‍රිගේ ‍ටිල්වින් සිල්වා සහභාගි විම ය.

සීනි සම්බෝල සහිත රෝස්පාන් දන්සලක් (අතුරු පාරක පිහිටි) විවෘත කිරීමට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා සහභාගිවීම ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ සමඟ ඔවුනට වන සම්බන්ධය කවරාකාරදැයි පැහැදිලි කරන්නකි. මෙම අවස්ථාවට “පිළිම වන්දනාව ගෝත්‍රිකයැයි” ප්‍රසිද්දියේ පැවසූ, අමාත්‍ය බිමල් රත්නායකගේ “පට්ට” බිරිඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී රත්නායක ද සහභාගී වී සිටියාය. ඇය ද සහභාගි වී සිටින තත්වයකදී මෙබඳු කුඩා පරිමාණයේ රෝස් පාන් දන්සැලක් විවෘත කිරීමට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් පැමිණියේ කුමන අප්‍රකට හේතුවක් මතදැයි එම අවට ප්‍රදේශවාසීහු මත ඵලකරන්නට පටන්ගෙන තිබේ.

විශේෂත්වය වන්නේ, මෙම අවස්ථාවට මාධ්‍යවේදිනියකු වූ පත්මිණී මාතරගේ ද සහභාගි වී සිටීමය. දැනට බෝ නොවන රෝගයකින් පීඩා විඳිමින් සිටින ඇය, එය ද නොතකා මෙම අවස්ථාවට සහභාගී වූයේ මීට වසර කීහිපයකට පෙර ප්‍රමිෂ්කාලව ජ.වි.පෙ. නායක අනුර කුමාරට හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට හඳුන්වා දෙන ලැබුවේ ඇය නිසාය.

ජනප්‍රිය පුවත්  ඉවත්වනු! යැයි කිව්වත් මාලිමාවේ නගරාධිපතිගේ දුව “බෑ”ම කියයි!බඩුත් සමග බඩු මාට්ටු!

ඇයට එම සම්බන්ධය ගොඩනඟා දෙන ලද්දේ, වෙනත් මාධ්‍ය ආයතනයක කටයුතු කරන ලද මාධ්‍යවේදියෙකු විසිණි. කෙසේ වෙතත් ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ ජ.වි.පෙ. ට සමීප කරවීමේ “මහමොලකරු” වී ඇත්තේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයය. එම කරුණ දන්නා බැවින් ප්‍රමිෂ්කාගේ ස්වාමිපුරුෂයා වූ වෛද්‍ය විද්‍යාභූෂණ ඇය ජ.වි.පෙ. නායකත්වයන් සමඟ පවත්වාගෙන යන සමීප සම්බන්ධයට බාධාවක් වන පරිදි ක්‍රියා කරන්නේ නැත.

ප්‍රමිෂ්කාගේ රෝස්පාන් දන්සලට සහභාගි වී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇය හා ඇගේ ස්වාමිපුරුෂයා සමග සිටින ඡායාරූපයක් ද, දන්සලේ ඡායාරූපයක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී රත්නායක සහභාගීවන ඡායාරූපයක් හා මාධ්‍යවේදිනී පත්මිනී මාතරගේ ප්‍රමිෂ්කා සමග පෙනී සිටින ඡායාරූපයක් ද මේ සමග ඉදිරිපත් කර ඇත.

  • රංජන් ද පෙරේරා –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x