June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මරුවන් සැමරීම හා විරුවන් මැරීම

1 min read

ඈතින් පෙනෙන්නේ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයෙ පිහිටා ඇති දිවිදුන් රණවිරුවන් සිහිකෙරෙන ස්මාරකය ය. එයට ඉදිරිපසින් පෙනෙනුයේ ජන සංහාරක සතිය සමරණ උතුරේ කොටි හිතවාදින්ගේ ජංගම රථය ය. එම වාහනයේ වන බැනරයේ ඇති ඡායාරූප අතර වනුයේ වේළුපිල්ලේ පිරපාහරන්ගේ පුතු ය. ඉහලින් දක්නට ඇත්තේ මිනී ඔලු අතරින් ඉහළට එසවෙන අතක් සහිත සමරු නිමවුමක් ය. අනුර කුමාරගේ පුනරුදය හොඳටම ලැබී ඇත්තේ කාටදැයි කියවෙන්නේ මේ ඡායාරූපය කියවා ගත් කල ය.

කොටි පැරදුනේ අවියෙන් ය. අවි බලයෙන් කොටි පැරද වූ විරුවන්ගේ ස්මාරකයෙන් පෙන්වන්නේ එය ය. අවි බලයට පෙර කොටි අත වූයේ මත බලය ය. එම මතවාදී බලය අවි බලය බවට පත් වූයේ පසු කල ය.

දැන් මේ ඉතුරු වී සිටින කොටි කරනුයේ නැවත වතාවක් මත බලය ඉහලට එසැවීමය. පුනරුදයෙන් සිදු කර ඇත්තේ එම ජාතිවාදී – ෆැසිස්ට්වාදී විශකූරු මතයට නිදහසේ අතු ඉති දළු ලා වැඩෙන්නට පහසුකම් සලසා දී බලා සිටීම ය.

අවි බලයෙන් කොටි පැරද වූ රණවිරුවන්ගේ ස්මාරකය නිසල ය. ඒ අසල කිසිවකුත් නැත. එයට මල් තබා ගරු කිරීම ද පුනරුදයට අනුව තහනම් ය. විමල්ලා ට බාධා කිරීමෙන් පෙන්නුම් කළේ එයම ය. එහෙත්, කොටි මතය වැපිරීමට බාධා නැත. එය සිදු වන්නේ නිදහසේ ය. නිදහසේ සිදු කෙරෙන ඒ මතය බලවත් වන හැම විටම ජාතිවාදී පදනමින් බෙදා වෙන් කරනු ඇත්තේ මේ රටය.

ජනප්‍රිය පුවත්  සජිත්ගේ කේන්දරය

සුරේෂ් සලේලා හිරේ දාගෙන රට රැක්ක මිනිසුනට වද දෙන අනුර කුමාරගේ ද්‍රෝහී පාලනය කොටි පිනවන්නේ එලෙසින් ය. මෙහෙම ගියොත් රටක්නම් ඉතුරු වනු ඇතැයි සිතිය නොහැක.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x