June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලරය දිනක් තුළ රුපියල් 12කින් ඉහළට…!

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවලට අනුව, මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ ප්‍රධාන විදේශීය මුදල් වර්ග කිහිපයකම මිල ගණන් අද (21) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
මහ බැංකු නිවේදනයට අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක (USD) ගැනුම් මිල රුපියල් 342.63ක් සහ විකුණුම් මිල රුපියල් 354.03ක් ලෙස සටහන් විය. ඊයේ (20) දිනයේ පැවති අගයන්ට සාපේක්ෂව අද වන විට ඩොලරයේ විකුණුම් මිල 1.25%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

ඩොලරයට අමතරව ස්ටර්ලින් පවුම (GBP) සහ යුරෝ (EUR) මිල ගණන් ද අද දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද දින ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 459.12ක් සහ විකුණුම් මිල රුපියල් 476.46ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව 1.62%ක ප්‍රතිශතාත්මක වර්ධනයකි.

එමෙන්ම, යුරෝ එකක ගැනුම් මිල රුපියල් 396.70ක් සහ විකුණුම් මිල රුපියල් 412.13ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඊයේ දිනයේ පැවති අගයට වඩා 1.45%ක කැපී පෙනෙන වැඩිවීමක්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x