පොහොර නෑ! ආහාර අර්බුදයක් අතලග!
1 min read
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ, පොහොර සැපයුම සීග්‍රයෙන් අඩුවීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයක් ඇති විය හැකි බව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි
එම පුවත්පත වැඩිදුරටත් පවසන්නේ මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම නිසා ලෝකයේ වඩාත් සුලභ නයිට්‍රජන් පොහොර වන යූරියා සැපයුම අඩාල වී ඇති බවයි. එමෙන්ම යූරියා ටොන් මිලියන 2.1 ක අවශ්‍යතාවය ඇති බවත් ඉන් අඩකවත් මේ වනතුරු වෙළඳපොළට පැමිණි නැති බවත් වාර්තා වේ.
මේ අතර පොහොර ටොන් මිලියන 1.1 කට වඩා පර්සියානු ගල්ෆ් කලාපයේ සිර වී ඇති ඇත ඊට හේතු වී ඇත්තේ ලෝකයේ යූරියා අපනයනයෙන් තුනෙන් එකක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමය. මේ වන විට හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත.
ස්වාභාවික ගෑස් හිඟය හේතුවෙන්, ආසියානු රටවල පොහොර නිෂ්පාදන කම්හල් නිෂ්පාදනය අත්හිටුවා ඇති බවත් මැදපෙරදිග ගැටුමේ ආරම්භයේ සිට, යූරියා පිරිවැය 40% කට වඩා වැඩි වී තිබෙන තිබෙන බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දේ.
මෙම තත්වය හමුවේ අප්‍රෙල් මාසය පමණ වන විට පොහොර හිඟය තවත් වැඩි වන බැවින් එමගින් දැඩි ආහාර අර්බුදයක් ද ඇති වීමට ද නියමිතය.
