April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂේ ඉද්දි ‘බඩු මිල අඩු කරනු!’ කිව්වට ආණ්ඩුව ගත්තාම ඒවා කරන්න බෑ… මාලිමා මහ ලේකම් නිහාල් අබේසිංහ…

1 min read

විපක්ෂයේ සිටියදී ආණ්ඩුව භාණ්ඩ මිල අඩු කළ යුතු බව ප්‍රකාශ කළද, වර්තමානයේ ආණ්ඩුකරණයේ යෙදී සිටින තමන්ට ලෝකයේ සිදුවන දෑ පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ පවසයි.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රජයට සිදු වූ බවත්, එසේ නොකළහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හා සේවා අවශ්‍යතා අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමේ අවදානමක් මතු විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එබැවින් සෑම විටම ආනයනිත භාණ්ඩ හා සේවා භාවිතය සීමා කර ආණ්ඩුවට සහයෝගය ලබා දීම ජනතාවගෙන් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහ ලේකම්වරයා මේ බව පැවසුවේ වැඩසටහනකට පසු මාධ්‍ය අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x