September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කු චෝදනාවෙන් ඊබ්‍රහිම් නානා නිදහස් !

1 min read

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වූ ඊබ්‍රහිම් නානා එම චෝදනාවලින් නිදහස්වීමට සමත්ව තිබේ. ඔහුගේ පුතකු විවාහ වී සිටිය ලේලියකද පාස්කු ප්‍රහාරය දිනයේ දෙමටගොඩ පිහිටි එම නිවස පරීක්ෂා කිරීමට පොලීසිය ගිය අවස්ථාවේදී බෝම්බ පුපුරුවා ගනිමින් සියදිවි හානිකර ගනු ලැබුවාය.

පරීක්ෂණවලදී තහවුරුව තිබුණේ, සහරාන්ලාගේ ත්‍රස්ත කටයුතු වෙනුවෙන් වූ මුදල් වැය කර තිබුණේ ද මොහොමඩ් ඊබ්‍රහිම් විසින් බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ අවස්ථාවෙන් පසුව පළමුව අත්අඩංගුවට ගත්තේ මොහොමඩ් ඊබ්‍රහිම් වන අතර, ඔහු එම අවස්ථාවේ හැසිරුනේද එම ප්‍රහාර වෙතින් සතුටට පත් වූ හා මහත් අභිමානයට පත් වූ පුද්ගලයකු ලෙසිණි.

තම පුතුන් සමග මෙම ප්‍රහාර පිළිබඳව මොහොමඩ් ඊබ්‍රහිම් සාකච්ඡා කළ බවට පොලීසියට සාක්ෂි සැපයුවේ දෙමටගොඩ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි දෙමළ කාන්තාවක් විසිණි. පසුව මොහොමඩ් ඊබ්‍රහිම් මුදල් වියදම් කර ඇය විදේශගත කර තිබීම මත අධිකරණය හමුවේ ඇය පෙනී සිටියේ නැත.

මොහොමඩ් ඊබ්‍රහිම් ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු සාමාජිකයකුව සිටි අතර, ජ.වි.පෙ. ට විශාල වශයෙන් මූල්‍ය ආධාර ද පිරිනමා ඇත. එවැනි අයකු කිසිදු දඬුවමකට ලක්ව නිදහසේ සිටින්නේ ජනාධිපති අනුර කුමාර පවසන පරිදි නීතිය කාටත් එක හා සමාන නිසා බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු අප හා පැවසුවේ ය.

  • රාජිත උක්වැල්ල
ජනප්‍රිය පුවත්  පොහොර නෑ! ආහාර අර්බුදයක් අතලග!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x