August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරගේ කසාදේ !

1 min read

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කසාද සහතිකය තුළ ඇතුළත් තොරතුරු මේ වන විට අණාවරණය වී තිබේ. කෙනෙකුගේ පුද්ගලික ජීවිතය තව කෙනෙකුට වැදගත් නොවේ. එහෙත් ඒ මතය, දේශපාලනයේ නියැලෙන බලගතු තණතුරු දරන උදවිය සම්බන්ධයෙන් අදාළ නොවේ. විශේෂයෙන්ම එය රටක පළමු වැසියා ලෙස සැලකෙන ජනාධිපති ධූරය දරන තැනැත්තකු සම්බන්ධයෙන් කිසිලෙසකින් හෝ අදාළ නොවේ.

නායකයන් නඩත්තු වන්නේ මහජන බදු මුදලිනි. එබැවින් ඔවුන්ගේ ජීවන රටාව දැනගැනීමේ අයිතිය මහජනතාවට හිමි වේ. අනෙක් අතට, නායකයන්ගේ පෞද්ගලික ජීවිතය තුළ ගන්නා තීරණ සබඳතා රාජ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකිය.

සමාජයේ ඉහළම වැසියා ලෙස තම රාජ්‍ය නායකයා සදාචාරාත්මකව ආදර්ශමත් විය යුතුයැයි ඕනෑම ජන සමාජයක් අපේක්ෂා කරනු ලබයි. එබැවින්, පුද්ගලික ජීවිතයේ වන දූෂණය හෝ අයහපත් හැසිරීම් නායකයන්ගේ දේශපාලන සුදුසුකම ප්‍රශ්න කිරීමට හේතු වේ. එබැවින්, දේශපාලනඥයකුගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ පුද්ගලික ජීවිතය රහසක් විය හැකි නොවේ.

රටක ජනාධිපතිවරයකු තම විවාහක බිරිඳ හෝ විවාහය පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් සඟවා තබාගැනීමට උත්සාහ කිරීම නිත්‍යානුකූලව මෙන්ම සදාචාරාත්මකව ද වැරදි ය. රාජ්‍ය නායකයකුගේ බිරිඳ යනු “රටේ ප්‍රථම කාන්තාව” (First Lady) ය. ඇයට නිල වශයෙන් රාජ්‍ය මට්ටමේ වගකීම්, වරප්‍රසාද සහ ආරක්ෂාව හිමි ය. ජනාධිපතිවරයාගේ සමීපතමයන් කවුදැයි දැනගැනීම රාජ්‍ය ආරක්ෂාවට අදාළවන අත්‍යවශ්‍ය කරුණකි.

අනෙක් අතට ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම පුද්ගලයකුගේ විවාහයක් ලියාපදිංචි කිරීමේ දී එය පොදු ලේඛණයක් (Public Document) බවට පත්වේ. එයින් කියැවෙන්නේ විවාහ නීතියේ විනිවිදභාවය ගැනය.

අල්ලපු රටේ ඉන්න අගමැති නරේන්ද්‍ර මෝදි තම විවාහය වසර ගණනාවක් තිස්සේ සිටියේ හංගාගෙනය. ඔහු දේශපාලනයට පැමිණි මුල් අවධියේ සහ ගුජරාටයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ සමාජය හමුවේ කියා පෑවේ තමන් තනිකඩයකු බවය. එහෙත් 2014 පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා භාරදීමේ දී, මැතිවරණ නීතියට අනුව වත්කම් හා කාලත්‍රයාගේ තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් දීම අනිවාර්ය විය. එහිදී නරේන්ද්‍ර මෝදි තමන් තරුණ කාලයේ දී “ජශෝදාබෙන්” නැමැති කාන්තාව සමඟ විවාහ වී ඇති බව අකමැත්තෙන් හෝ පිළිගත්තේ ය.

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

රාජ්‍ය නායකයකුගේ “පවුල” රහසක් වූ විට, ඒ රහස් පවුලේ සාමාජිකයන්ට රිසි පරිදි ධනය රැස් කර ගත හැකිය. මෙසිරිලක ජනාධිපති අනුර කුමාරට ද ඇත්තේ “රහස් පවුලක්” ය. ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවට දී තිබෙන ඔහුගේ සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ය. ඔහුගේ විවාහ සහතිකයේ නම සඳහන්ව ඇත්තේ “අනුර කුමාර දිසානායක” කියාය. අනුර කුමාර දිසානායක විවාහ වී ඇත්තේ 2015 අප්‍රේල් 30 වැනිදා ය. ඒ මොරටුව අඟුලානේ දී ය. එහෙත්, අනුර කුමාර දිසානායකගේ හා වනිගසේකරගේ මල්ලිකාගේ පුතා “මිහින් එයාර්” ගුවන් සමාගමේ රස්සාවට යන්නේ 2012 දී ය. විවාහය වන විට (2015) අනුර කුමාරගේ වයස සඳහන් කර ඇත්තේ අවුරුදු 46 ක් ලෙසය. ඒ අනුව ඔහු ඉපැදී සිටිය යුත්තේ 1969 දී ය. නමුත් පාර්ලිමේන්තුවට දී තිබෙන ඔහුගේ දත්ත අනුව උපන්දිනය ලෙස සඳහන්ව ඇත්තේ 1968 ය. එතනද ඇත්තේ ඔළුව “මංඤං” වෙන අන්දමේ “හුට්ටප්පරයක්” ය.

අනුර කුමාර විවාහ වන කාන්තාවගේ වයස සඳහන්ව ඇත්තේ අවුරුදු 47 ක් ලෙසය. එයද වෙන්නට විදියක් කොහෙත්ම නැත. 1989 අග විජේවීර මරා දැමීමෙන් පසු, ජ.වි.පෙ. දේශපාලනය අතහැර එතෙක් සැඟව සිටි වනයෙන් එළියට ආ අනුර පදිංචියට ගියේ තම බාප්පාගේ (තාත්තාගෙ මල්ලිගෙ) ගෙදරට ය. තව විදිහකට කිවහොත් වනිගසේකරගේ මල්ලිකා රත්නායකගේ ගෙදරට ය. බාප්පා රස්සාව කළේ යුද හමුදාවේ ය. ඔහු නිතර ගෙදර එන්නේ නැත. උසස් පෙළ ඉගෙන ගැනීමට අනුර උපකාර පන්තිවලට ගියේ “මල්ලිකා පුංචි” ලබාදුන් මූල්‍ය සහාය ලබාගෙනය. ඒ වන විටත් මල්ලිකාට, යුද හමුදාවේ සේවය කළ තම සැමියාට දාව දරුවන් ද සිටියා ය. මේ සියලු කරුණු ගෙන බැලූ කළ අනුර කුමාරගේ සහ මල්ලිකාගේ වයස් පරතරය විවාහ සහතිකයේ දැක්වෙන එක අවුරුද්දකට වඩා නිසැකවම වැඩිවිය යුතුය.

ජනප්‍රිය පුවත්  බොරු සහ ගොදුරු

අනෙක් අතට, අනුර කුමාරගේ විවාහ සහතිකයේ අනුර සහ මල්ලිකා යන දෙදෙනාම විවාහ වන අවස්ථාව වන විට අවිවාහකයන් ලෙස සඳහන් කර තිබේ. අනුරට අදාළව එය සත්‍යයක් වුව ද මල්ලිකාට අදාළව එය බොරුවකි. ඒ වන විට (2015 – අනුර සමඟ අත්වැල් බැඳගන්නා විට) ඇයගේ පළමු විවාහයේ සැමියා මියගොස් (මරා දමා) සිටිය බව නිවැරදි මුත්, එමඟින් කියැවෙන්නේ ඇය වැන්දඹු කියා මිස, අවිවාහක කියා නොවේ. මේ සියල්ල හිතාමතා දෙන ලද වැරදි තොරතුරු ය.

ජනාධිපති අනුර සිංහල අවුරුද්දට අදාළ චාරිත්‍ර වාරිත්‍ර රටට පෙනෙන්න නොකරන්නේ ද එසේ කළහොත් “පවුල” පෙන්නන්න වෙන නිසාය. “පවුල” රට දැනගැනීම ඔහුට හිතෙන්නේ “අවුලක්” ලෙසය. මේ “අවුල” සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට පවා බලපා ඇත්තේ ඒ අයුරින් ය.

රාජ්‍ය නායකයකු හෝ ඕනෑම පුරවැසියකු විවාහ ලියාපදිංචිය වැනි නිල ලේඛනයක අසත්‍ය තොරතුරු ලබාදීම 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත උල්ලංගණය කිරීමක් වේ.

විවාහ නිවේදනය බාරදීමේ දී අදාළ පුද්ගලයන් අත්සන් තබන දිවුරුම් ප්‍රකාශය මගින් තමාගේ සිවිල් තත්ත්වය (තනිකඩ, දික්කසාද හෝ වැන්දඹු බව) මෙන්ම විවාහයට නීතිමය බාධාවක් නොවන බව සහතික කළ යුතු වේ. විවාහ ලියාපදිංචි කිරීමේ දී හෝ ඊට අදාලවන ලේඛනවල අසත්‍ය හෝ ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන දඬුවම් ලැබෙන වරදක්ය ! දණ්ඩ නීති සංග්‍රහය යටතේ අසත්‍ය ලේඛන සැකසීමට හිමිවන්නේ දඩ මුදලකට අමතරව වසර 10 ක් දක්වා වූ සිර දඬුවම් ය.

ජනප්‍රිය පුවත්  කෙබරයාගේ ගණිතය‍

හැමෝගෙම “කිල්ලෝටවල” හුණු ඇත්දැයි සොයන ජනාධිපතිගෙ “රහස් පවුල නැමැති කිල්ලෝටය තුළ” පිරී ඇත්තේ හුණු තොග ගණනින් ය. පාරදෘශ්‍යභාවය සහ විවෘතබව පොදුවේ දේශපාලනඥයකු සතුව පැවැතිය යුතුය. රටක ජනාධිපතිවරයකු සතුව එය කාටත් වඩා තිබිය යුතුය. වංචාවක් හෝ සඟවා තබාගැනීමට කිසිවෙක් නොවේනම් මල්ලිකාව හංගා තබාගැනීමට හේතුවක් තිබිය නොහැක. මේ වගේ “චරිත” වලට අපේ රටේ කීවේ “ඇතුල පස්ස, පිටත ඔස්සා” කියාය. ඇතුලතින් කිසිදු හරයක් හෝ යහපත්කමක් නොමැති වුව ද බාහිරින් ඉතා ඉහල තත්ත්වයක් පෙන්වන්නන්ට අදාළ වන්නේ ඒ කියමන ය. ඉංග්‍රිසියෙන් “ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ්” කියා කියන්නේ ද මේ අන්දමේ චරිත ගැනය.

අපට කියන්නට ඇත්තේ මෙබඳු පුද්ගලයන්ගේ ජීවිත හුණු පිරියම් කළ සොහොන් ගැබක් වැනියැයි කියාය. බයිබලයේ ආභාෂය ලැබූ මෙම යෙදුම පිළිබඳව ජනාධිපති අනුර වැඩිදුර විමසා දැනගත යුත්තේ “ප්‍රොපට් ජෙරම්” ගෙන් ද, කාදිනල් මැල්කම්ගෙන් ද කියා තීරණය කළ යුත්තේ ද ඔහුමය. අප පවසන්නේ “ආමේන්” කියාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x