දේවගැති සූරසේන වෙනුවෙන් ජනපති “යූ ටියුබර්ස්ලා” කැඳවයි !
1 min read
පෙරේදා (ජූලි 04) සන්ද්‍යාවේ ජනාධිපති අනුර කුමාර විසින් තෝරාගත් “යූ ටියුබර්ස්” මත ඵලකරන්නන් පිරිසක් සජීවීව හා මාර්ගගත ක්‍රමයට සාකච්ඡාවකට කැඳවා තිබේ. එම සාකච්ඡාවට බෘෘනෝ යනුවෙන් හඳුන්වන “යූ ටියුබ්” කරුවා ඇතුළු පිරිසක් සජීවීව ද ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබ වාසය කරන භාරත තෙන්නකෝන් ඇතුළු කිහිපදෙනෙක් මාර්ගගත ක්‍රමයට ද සම්බන්ධ වී තිබේ.
මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාමයාමේ වයස දිගුකර ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා අවශ්‍ය මතවාදී සහයෝගය අදාළ යූ ටියුබ්කරුවන් වෙතින් ලබාගැනීම පිණිස ය.
මෙම සාකච්ඡාවේ විශේෂය වන්නේ එහි අතරමැද දී අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ද මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සාකච්ඡාවට සම්බන්ධ වී තිබීම ය.
එහිදී ජනාධිපතිවරයා තම ගැති යූ ටියුබ්කරුවන් අමතා පවසා ඇත්තේ තමන්ට දිගටම බලයේ සිටීමටනම් අගවිනිසුරුව තවදුරටත් තබාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔහු එම ධූරයේ සිටියහොත් පමණක්, විපක්ෂයේත්, ආරක්ෂක අංශවලත් අවශ්‍ය සෑම අයකුම නීතිය හමුවේ වරදකරුවන් කළ හැකි බවත්, එසේ නොවන්නේනම්, තම බලයේ පැවැත්ම අවිනිශ්චිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
මාර්ගගත ක්‍රමයට මෙම සාකච්ඡාව සමඟ සම්බන්ධ වූ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන පවසා ඇත්තේ, තමන්ට තව වසර 2 ක් ලැබෙන්නේනම්, මහජන අපේක්ෂාවට අනුව අධිකරණය හසුරුවනු ලබන බවයි. ඒ සඳහා සහාය වන මෙන් ඔහුද යූ ටියුබ්කරුවන් වෙතින් ඉල්ලා තිබේ.
මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව ඉදිරියේ දී ඔබටම මැන බලා ගැනීමේ හැකියාව තිබේ. ඒ ආණ්ඩුවට ලැදි භාරත තෙන්නකෝන්, බෘෘනෝ, සුදා, ගුණේ අයියාගේ කාමරේ වැනි යූ ටියුබ්කරුවන් ඉදිරියට අගවිනිසුරු ඇතුළු ඉහළ විනිසුරන්ගේ විශ්‍රාම කාලය දිගුකිරීමේ තීරණය නිවැරදිය යන ලෙසින් මතය ගොඩනැගීමට කටයුතු කරනු ඇත්ද එසේ නොවනු ඇත්ද යන්න ගැන සුපරීක්ෂාවෙන් බලා සිටීමෙනි.
මේ සඳහා ජනාධිපතිවරයා අදාළ යූ ටියුබ්කරුවන්ට ඉහල මිලක් ද වෙන්කර ඇතැයි දන්වා තිබේ.
- භාෂණ පලිහක්කාර –
