කපිල ගමගේ දේවගැතිට කඩේ යයි !
1 min read
විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ කලක් ප්‍රධාන ලේකම්වරයාව සිටි, පසුව එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ නීතිඥ කපිල ගමගේ, අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම යන වයස දිගුකිරීමට පක්ෂව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කර තිබේ.
ඔහු එමගින් විමසා ඇත්තේ, සමස්ථයක් ලෙස සියළුම මට්ටමේ විනිසුරන්ගේ විශ්‍රාම යන වයස දීර්ග කරන්නේනම් එහි ඇති වරද කුමක්ද යන්නයි. මේ වන විට නීතිඥ කපිල ගමගේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ අසලට වී වාසි සපයාගත්තෙකු ලෙස ක්‍රියා කරනු ලබයි.
ජ.වි.පෙ. වෙනුවෙන් පසුගිය කාලය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන ලද නීතිඥයන් පවා, සූරසේන තවදුරටත් අගවිනිසුරු ධූරයේ තබාගෙන, එමඟින් මුළුමහත් අධිකරණ පද්ධතිය දේශපාලන රූකඩයක් බවට පත්කරගැනීමේ ජනාධිපතිගේ උවමනාවට පක්ෂව කිසිදු මතයක් ඵල නොකරන තත්ත්වයක් තුළ නීතීඥ කපිල ගමගේ ඒ සඳහා මතශෝධනය බාරගෙන ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ විසින් සිදුකර ඇති ඉල්ලීමකට අනුව ය.
- දිව්‍යා විජේමුණි –

