June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාතික ආණ්ඩුව හදන්න ඉන්දියාව බැහැලම වැඩ!

1 min read

අනුර කුමාර ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ජ.වි.පෙ. ආණ්ඩුව බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ නායකත්වය යටතේ වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ඉන්දියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකරමින් තිබෙන බව අපගේ ගවේෂණාත්මක මාධ්‍ය කණ්ඩායම අණාවරණය කරගෙන තිබේ.

වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ, ජනාධිපති අනුර කුමාරගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව බරපතළ මහජන විරෝධයකට ලක්ව කෙටිකාලීනව එහි පැවැත්ම අහෝසි වී යාමේ අවදානමකට ගොදුරු වී ඇති බැවින්, එම අවධානමට මුහුණ දීමට හැකි පරිදි ආණ්ඩුවේ මුහුණුවර පරිවර්තනයකට ලක් කළ යුතු බව ඉන්දියාවේ මතය වී තිබේ. එමඟින්, ජන පීඩනයට දේශපාලන අර්බුදයකින් තොරව මුහුණ දීමට හැකි තත්වයක් උද්ගත කර ගැනීම අත්‍යාවශ්‍ය බව සලකන ඉන්දියාව මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ, ජනාධිපති අනුර කුමාරගේ පාලනය සර්ව පාක්ෂික මුහුණුවරකට පරිවර්තනය කරවීම පිණිස බව අපගේ ගවේෂණාත්මක මාධ්‍ය කණ්ඩායම අණාවරණය කරගෙන තිබේ.

ආර්ථික අර්බුදය විසින් උද්ගත කරනු ලබන මහජන පීඩනය වැලැක්විය නොහැකි නමුත්, ආණ්ඩුවට වෙනත් වෙස් ගැන්වීමක් සිදු කිරීම හරහා නව බලාපොරොත්තුවක් ජනිත කරවීම මගින් එය දේශපාලන අර්බුදයක් බවට පත්වීම වැලකිය හැකි වනු ඇතැයි ROW සංවිධානයේ මතය වී ඇත.

ජනප්‍රිය පුවත්  පොලිස්පති පැලවත්තේ රූකඩයක්!

ඒ අනුව ඔවුන් ජනාධිපති අනුර කුමාර ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් එකඟ කරගෙන ඇත්තේ විපක්ෂයේ සිටින එ.ජා.ප. සහ ස.ජ.බ. කණ්ඩායම් ආණ්ඩුව තුළට අවශෝෂණය කර ගැනීමට ය. මේ දිනවල මීට අදාළ සාකච්ඡා වේගයෙන් සිදු කෙරෙමින් තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය සහිතව මෙම කණ්ඩායම ආණ්ඩුවට එක් කිරීම ඉන්දියාවේ අරමුණ වී තිබේ.

ඉන්දියානු බලධාරීන්ගේ මතයට පිටින් නොයන විපක්‍ෂනායක සජිත් එම අදහසට ප්‍රබල විරුද්ධත්වයක් මෙතෙක් දක්වා නොමැත. කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, රාවුෆ් හකීම් ඇතුළු කණ්ඩායමක් සමඟ ද මීට අදාළ සාකච්ඡා වෙන වෙනම පැවැත්වේ. ජනාධිපතිවරයාගේ සමීප උපදේශකයකු වන ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමක් මෙම කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටිති.

  • තිස්ස වීරසිරි –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x