June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු ජනපති මහින්ද අද (12) අල්ලස් කොමිසම හමුවට. පොහොට්ටුවේ සෙනඟකුත් රැස්වෙන්න සූදානමින්?

1 min read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

එම කැඳවීම අද දිනයේ එම කොමිසම හමුවට යන බව මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය වෙත පැවසූ අතර අද පෙරවරුවේ අල්ලස් කොමිසම අසලට රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ද සූදානමින් සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ මනෝජ් ගමගේ මෙසේ පැවසීය.

“මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ පාපොච්ඡාරණයක් උපයෝගී කරගෙන තමයි මේ කැඳවීම කරන්නෙ. හැබැයි එම පාපොච්ඡාරණය ඔහුගෙන් බලෙන් ලබාගත් පාපොච්ඡාරණයක් කියලා ඔහු මියයන්නට පෙරාතුව අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා.”

“මහින්ද ජනාධිපතිතුමාට ආදරය කරන මිනිස්සු එතෙන්ට පැමිණෙන එක අපි කාටවත් නවත්වන්න බෑ. මාලිමාවෙ ආණ්ඩුව තමන්ගෙ අවසන් හුස්ම හෙළන්න කරන අවසාන පළිගැනීම වෙන්නත් පුළුවන් මේක. ආණ්ඩුවේ සුදුකොඩිය තමයි මං හිතන්නෙ මේ වනාගන්නෙ ආණ්ඩුව විසින්ම. යුද්ධය ඉවර කරපු මාසෙම එතුමාව මේ කැඳවන්නෙ ඇයි කියලා ඕනෙ මනුස්සයෙකුට තේරෙනවා”

ජනප්‍රිය පුවත්  රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් ගුවන් සේවයේ CEO තනතුර දරණ සමයේ මෙරටට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමකදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය. අදාළ අල්ලස් මුදලෙන් රුපියල් කෝටි 6ක් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇතැයි කපිල චන්ද්‍රසේන පැවසුවේයැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබූ අතර කපිල චන්ද්‍රසේනගේ නීතීඥවරයා ඊට විරෝධය පළකරමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කපිල චන්ද්‍රසේනට තරජනය කර බලහත්කාරයෙන් එම ප්‍රකාශය ලබාගෙන ඇති බවකි. අදාළ ප්‍රකාශය තමන්ට තර්ජනය කර ලබාගත් එකක් බවට කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක් ද අධිකරණයට ලබාදී තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x