June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”කොටි හපුවෙක්” චෙන්නායි වලට!

1 min read

LTTE ඩයස්පෝරාව සමග ඉතා සමීප සබඳතා ඇති, මෑතක සිට ජ.වි.පෙ හිතවාදියකු බවට පත්ව සිටින කේ. ගනේෂනදන් නැමැති පුද්ගලයාව ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස් තණතුරට පත් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ දැඩි කතා බහට ලක්වී තිබේ. මෙම පත් කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ම සිය අප්‍රසාදය ඵලකර තිබේ.

එම නිලධාරීන්ගේ මතය වී ඇත්තේ කිසිදු පූර්ව රාජ්‍යතාන්ත්‍රික හෝ විදේශ සේවා පළපුරුද්දක් නොමැති පුද්ගලයකු ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත්ම විදේශ තණතුරකට පත් කිරීම ඉතා අමනෝඥ ක්‍රියාවක් බවයි. චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය, දකුණු ඉන්දියාව සමඟ පවතින සංස්කෘතික, දේශපාලන සහ ආර්ථික සබදතා කළමණාකරණය කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යෘංශය තුළ මෙම තනතුර සඳහාම පුහුණු කරන ලද, පුර්ණ සුදුසුකම් ඇති, රාජ්‍ය තාන්ත්‍රික සේවයේ අත්දැකීම් සහිත නිලධාරීන් සේවයේ අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් සිටින තත්වයක් යටතේ මෙකී දේශපාලන පත්වීම සිදුකර තිබේ. විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ මෙය දේශපාලන පක්ෂපාතීත්වය මත නොව විශේෂඥ දැනුම මත පත් කළ යුතු බරපතළ තණතුරක් වන බව ය.

ජනප්‍රිය පුවත්  හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ප්‍රසිද්ධියේ පවසා සිටියේ, විදේශ රාජ්‍යතාන්ත්‍රික තණතුරු සඳහා දේශපාලන පත්වීම් සිදු නොකරන බවයි. මෙය සිදුව ඇත්තේ එම ප්‍රකාශයට සම්පූර්ණ පටහැනි ලෙසය.

ඒ අතරම කේ. ගනේෂනාදන් නම් වූ මෙම පුද්ගලයා සතු වන රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හේතුකොටගෙන නීති විරෝධී භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ අවධානමක් ද පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති. දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට එවැනි ‘‘ගනු – දෙනු“ බහුල වශයෙන් සිදුව ඇත.

ප්‍රවීනා මුතුහෙට්ටි underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x