ශ්‍රේෂ්ඨාධිකරණය වර්ජනයට නීතිඥයෝ සැරසෙති
1 min read
ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට දතකන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට සදාචාරාත්මක හේතු මත කටයුතු කළ නොහැකි නිසා, එය ජනමතවිචාරණයකට ලක් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද අධිකරණ අමාත්‍යවරයා හමුවේ අවධාරණය කර තිබේ.
අද පස්වරු 5 ට යෙදී තිබුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ අධිකරණ ඇමැති හමුවේ දී මේ බව පෙන්වා දී තිබේ.
ආණ්ඩුව මෙම සංශෝධනය සිදුකිරීමේ අමාත්‍යමණ්ඩල තීරණය ගැනීමට පෙර මේ පිළිබඳව නීතිඥ සංගමය ඇතුළු සියළු පාර්ශව සමඟ සාකච්ඡා කර අදහස් විමසිය යුතුව තිබුණත් එය එසේ නොකිරීම ද බරපතල වරදක් බව එහි දී නීතිඥ සංගමයේ ප්‍රධානින් පවසා තිබේ.
“මේ සංශෝධනය ගැන එනු ඇති මහජන පෙත්සම් විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට බෑ. ඒ අයගේ විශ්‍රාම යන වයස දිගු කරන එක ගැන නඩුව ඒ අය කොහොමද අහන්නෙ ? ඒ නිසා මේක ජනමතවිචාරණයකට යන්න වෙනව. එසේ නොකර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලවා බලහත්කාරයෙන් හෝ මේ පෙත්සම් විභාග කර තීරණ දෙන තත්ත්වයකට ගමන් කළොත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය එතැන් සිට ශ්‍රේෂ්ඨාධිකරණය වර්ධනය කරනවා. ඒ නිසා ප්‍රශ්නය ඒ දක්වා රැගෙන නොගිහින් ආරම්භයේදීම මෙය හකුලාගන්න” යන කරුණ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධානිහු ඇමතිවරයා හමුවේ දැඩි ලෙස අවධාරණය කර තිබේ.
යම් හෙයකින්, ශ්‍රේෂ්ඨාධිකරණය වර්ජනය කරන මට්ටම දක්වා මේ ප්‍රශ්නය වර්ධනය වුවහොත්, එය ජාත්‍යන්තරවද ශ්‍රී ලංකාවට හානිකර විය හැකියැයි ද ඔවුන් පෙන්වා දී තිබේ.
නීතිඥ සංගමයේ මතය ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දැනුම්වත් කරන බව පැවසූ අධිකරණ ඇමැතිවරයා මුල දී මෙම සංශෝධනය සාධාරණීකරණය කිරීමට උත්සහ දරා තිබේ. එහෙත් එය අසාර්ථක වූ පසු පසු බා ඇතැයි පැවසේ.
- දුමින්ද ගුණතිලක
