November 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටස් වෙළෙඳපොල කඩා වැටේ ! ආයෝජකයෝ පලා යති !

1 min read

කොළඹ කොටස් වෙළඳපොළ තුළ දෛනික පිරිවැටුම පසුගිය මාස 15 ක් තුළ ලබාගත් අඩුම අගය වාර්තා කර ඇත්තේ පසුගිය17 වැනි දා ය. ඒ, රුපියල් මිලියන 722 ක් වශයෙනි. 2025 අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම මෙන්ම මේ වසරේ මෙතෙක් වාර්තා කළ අඩුම අගය වේ.

ජූලි 20 වැනි දින වනවිට සමහර විශාල ගනුදෙනු කිහිපයක් හේතුවෙන් පිරිවැටුම නැවත රුපියල් බිලියන 2.63 ක් දක්වා තාවකාලිකව ඉහළ ගියද, සමස්ත දර්ශකයෙන් (ASPI සහ S&P SL 20) තවදුරටත් පහළ අගයක් ගෙන තිබේ.

වෙළඳපොළේ පිරිවැටුම ඉහල නැංවීමට මූලිකවම දායකවන විදේශීය ආයෝජකයින් දිගින් දිගටම විකුණුම්කරුවන් (Net Sellers) බවට පත්වීම නිසා කොළඹ කොටස් වෙළඳපොළ තුළ ඇතිවන ගනුදෙනු ප්‍රමාණය විශාල වශයෙන් පහත ගොස් තිබේ. විදේශ ආයෝජකයින් ඉවත් වන තත්ත්වයක් යටතේ දෛනික ගනුදෙනු මෙහෙයවීමේ සම්පූර්ණ බර දේශීය ආයෝජකයින්ට පමණක් දැරිය නොහැකි වීම මේ සඳහා බලපා ඇත.

2026 වසරේ පළමු මාස 6 නිමා වනවිට කොළඹ කොටස් වෙළඳපොළෙන් (CSE) පිටතට ගලා ගිය සමස්ත ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු. බිලියන 33.7 ක් ලෙස සටහන්ව තිබේ. විදේශීය ආයෝජකයින් තවදුරටත් තම ප්‍රාග්ධනය ඉවත් කර ගනිමින් තිබේ. ඒ තත්ත්වය තුළ දේශීය ආයෝජකයින් ද මන්දගාමී තත්ත්වයට ඇද වැටී ඇත. පසුගිය දිනවල Dialog, JKH, Commercial Bank වැනි ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ද කොටස් මිල ගණන් දිගින් දිගටම පහළට ඇද වැටී තිබේ. එය සමස්ත වෙළඳපොළ කෙරෙහිම ආයෝජක විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇත.

ජනප්‍රිය පුවත්  ප්‍රකාශ ගැන පරීක්‍ෂණයක් කරන්න ! C.J. කියයි.

Commercial Bank, HNB, Sampath Bank සහ DFCC වැනි ප්‍රධාන පෙළේ බැංකු කොටස් සඳහා පැවති දෛනික ඉල්ලුම සහ ගනුදෙනු පරිමාව (Volume) සැමවිටම ඉහළ මට්ටමක පැවතුණි. නමුත් විදේශීය ආයෝජකයින් සතුව ඒවායේ පැවති කොටස් විකිණීම මත මෑතකදී මෙම ක්ෂේත්‍රයේ පවා දෛනික පිරිවැටුම පහත වැටී තිබේ.

විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් ලෙස පිළිගැනෙන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වැනි ඉහළම සමාගම් පවා මෙම ඉරණමට භාජනය වී තිබේ.

වෙළඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ, ඉදිරි මාස කිහිපය තුළ කොළඹ කොටස් වෙළඳපොළ තුළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.0 – 1.5 මට්ටමේ පහළ අගයක පවතිනු ඇති බවයි. විදේශීය ආයෝජන පිටතට ගලායාම වෙනුවට ඇතුලට ගලාඒමක් සිදුනොවනහොත් මෙම බිඳවැටීම තවත් උග්‍රවනු ඇතැයි එම විශේලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිල දී ගැනීම සඳහා දේශීය ආයෝජකයින් උනන්දුවීම ද ඔවුන්ගේ ආයෝජන කොටස් වෙළඳපොළ වෙත ආකර්ෂණය කර ගැනීමට බාධා වී තිබේ. බැංකු, අර්ථසාධක අරමුදල් සහ රක්ෂණ සමාගම් මෙම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා විශාල වශයෙන් සක්‍රීයව දායක වී ඇත.

  • ජානක තිලකසිරි
ජනප්‍රිය පුවත්  රනිල්ගේ සංචාරය ගැන ආණ්ඩුව විමසිල්ලෙන් !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x