May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රකාශ ගැන පරීක්‍ෂණයක් කරන්න ! C.J. කියයි.

1 min read

අධිකරණයේ විභාගවෙමින් පවත්නා නඩු පිළිබඳව පසුගිය මැයි දින වේදිකාවන්හි දී ජනාධිපතිවරයා හා ඇතැම් අමාත්‍යවරුන් සිදු කරන ලද ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි පරීක්‍ෂා කර බලන ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කර තිබේ.

මෙම නියෝගය ඔහු විසින් සිදු කරන ලද්දේ පරීක්‍ෂණයකින් අනතුරුව අධිකරණයට අපහසයක් සිදුවී නැතැයි යන නිගමනයට එලඹීමේ අදහසින් විය හැකි යැයි අධිකරණ ක්ෂේත්‍රයේ ඇතැමුන් සැක පළ කරති.

ඒ අතර, අධිකරණ ක්ෂේත්‍රයේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ මෙම පරීක්‍ෂණය සිදු කරන ලෙස පැවසීමෙන් අගවිනිසුරුවරයා ආණ්ඩුවට යම් අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි. එයට හේතුව වී ඇත්තේ, අගවිනිසුරුවරයාට ලබා දෙන බවට ජනාධිපතිවරයා කලින් පොරොන්දු වී තිබූ වසර 2 සේවා දිගුව නොලැබෙන තත්වයක් මේ වන විට උද්ගතව තිබීමයි.

අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් විශ්‍රාම යන වයස වසර 2 කින් දිගු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජනාධිපතිවරයා අගවිනිසුරු හමුවේ කලින් එකඟ වී ඇත. එහෙත් පසුව, අධිකරණ ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ, එවැනි සේවා දිගුවක් දීමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට පහලින් සිටින සියලු විනිසුරන් අතෘප්තියට පත්වන බවය. එසේ කිරීම මගින්, ශ්‍රේෂ්ඨාධිකරණය පහළ සියළු විනිසුරුන්ගේ උසස්වීම් පිළිබඳ අපේක්‍ෂාවන් බොඳ වී යන බවත්, එමඟින් අධිකරණ පද්ධතියම ආණ්ඩුව සමඟ ගැටුමකට තල්ලු විය හැකි බවත් එම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  වටයා වැටිලා

එම කරුණ අවබෝධකර ගැනීමෙන් අනතුරුව, තමන් විසින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට දෙන ලද පොරොන්දුව ඉටු නොකළ යුතුය යන නිගමනයට ජනාධිපතිවරයා පැමිණ ඇත. මේ බව වටහාගෙන ඇති අගවිනිසුරුවරයා තමා වැනිම “බෝන් අගේන්” ඇදහිලිවන්තියක වූ ප්‍රමිෂ්කා පෙරේරා මහින් ද උත්සාහ දරා ඇත්තේ කෙසේ හෝ මෙම විශ්‍රාම යන වයස වසර දෙකකින් දිගු කර දෙන මෙන්ය. එවැනි තත්වයක් තුළ ජනාධිපතිවරයා හා ඇතැම් ඇමතිවරු විසින් සිදු කර තිබෙන අධිකරණයේ දැනට විභාගයට ගැනෙන නඩු පිළිබඳව වන ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් වී තිබේදැයි පරීක්‍ෂණයක් කරන ලෙස අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කරනුයේ, තම දෙවසරක විශ්‍රාම යන වයස දිගු නොකරන්න‍ෙනම්, විශ්‍රාම යාමට පෙර ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ අදහසින් විය හැකියැයි ප්‍රවීණ නීතීවේදීහු විශ්වාස කරති. නියමිත පරිදිනම් මේ වසරේ අවසානය වන විට අගවිනිසුරුවරයා විශ්‍රාම යාමට නියමිතය. ඉදිරි මාස 6 කට අඩු කාලය තුළ, තම අරමුණ ඉටු නොවන බව පෙනෙන විට, එම කාලය “ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ කාලය” බවට පත්කර ගැනීමට අගවිනිසුරුවරයා කටයුතු නොකරනු ඇතැයි සිතිය නොහැකි බව ප්‍රවීණ නීතිවේදීන්ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ජෙරම්ගේ පුවරු ජනපති නියෝගයෙන්!

එබඳු තත්වයක් ඇතිවුවහොත් ආණ්ඩුවේ හැසිරීම කවරාකාර වනු ඇත්දැයි දැනට පැහැදිලි කරගත නොහැක.

– රාජනී කමලේන්ද්‍ර –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x