July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාදිනල්තුමනි, බුදුන් වඳින දෑතින් වැඳලා කියන්නම්… මේ රටේ බෞද්ධ කතෝලික ගැටුමක් හදන්න එපා…!

1 min read

මේ රටේ බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය කරන්න එපා යැයි කාදිනල්තුමාගෙන් වැඳ ඉල්ලා සිටින බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ ප්‍රකාශ කරයි.

“සිරිල් ගාමිණී පියතුමා, කාදිනල්තුමා, ජූඩ් ක්‍රිශාන්ත පියතුමා යන තුන්දෙනාටම මේ කියන්නේ. කාදිනල්තුමාට බුදුන් වඳින අත්දෙකින් වැඳලා කියන්නේ. මේ රටේ බෞද්ධ කතෝලික ගැටුමක් නම් ඇති කරන්න එපා. මේ රටේ ඇති තරම් ලේ හැලිලා තියෙනවා.

කතෝලිකයොත් එක්ක අපි හොඳින් ගනුදෙනු කරලා තියෙනවා. කාදිනල්තුමා කියවන්නේ මෝසෙස්ගේ පරණ තෙස්තමේන්තුවද නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණාට පස්සේ ආව අලුත් තෙස්තමේන්තුවද? පරණ තෙස්තමේන්තුවේ තමයි ඇසට ඇසක් දතට දතක් තිබුණේ. ඒක තමයි මෝසෙස්ගේ ආගම.

හැබැයි ජේසුස් වහන්සේ කීවේ ඔබේ දකුණු කම්මුලට ගැහුවොත් වම් කම්මුල අල්ලන්න කියලා. එතුමා දුක්වින්දේ කුරුසිය මත ඇණ ගැහුව‍ෙ පාපයෙන් මිනිස්සු මුදව ගන්න කියලා කතෝලිකයෝ සහ ක්‍රිස්තියානින් විශ්වාස කරනවා. උන් වහන්සේ හරිම අහිංසක නායකයෙක්. ඔහු වෙනුවෙන් කුරුසේ ඇණ ගහන්න යෝජනා කළ හොරා නිදහස් වෙද්දි නිහඬව හිටියා.

යුක්තිය පසිඳලන කාරණේ වෙන කතාවක්. වින්දිතයන්ට යුක්තිට ඉෂ්ට වෙන්න ඕන. හැබැයි ෂයිලොක්ගේ මස් රාත්තල ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ඉල්ලන්න එන්න එපා. මේ රටේ යුක්තිය පසිඳලීම සාධාරණව වෙන්න දෙන්න.

ජනප්‍රිය පුවත්  ණය ගන්න ඇප කරුවකු වීම භයානකයි ! මෙන්න තීන්දුව..!

කතෝලික ආගම මේ රටට ගෙනාවේ එක අතකින් බයිබලයයි අනික් අතින් තුවක්කුවයි අරන්. එහෙමයි කියලා අපි කතෝලිකයෝ එක්ක තරහා නෑ. අපේ වෙහෙර විහාර මංකොල්ල කෑවා. හාමුදුරුවරු මැරුවා. ඊට පස්සේ ලන්දේසි ඇවිත් රෙපරමාදු ආගම ප්‍රචාරය කරන්න කතෝලිකයන් ඝාතනය කළා. අවුරුදු 150කට කලින් පෘතුගීසීන් කොල්ලකෑ පන්සල්වල හිටි දුප්පත් හාමුදුරුවරු තමයි, කතෝලිකයන් ලන්දේසින්ගෙන් බේරගත්තේ.

බහුතර ඉස්ලාම් භක්තිකයන් පිළිනොගන්න ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් කතෝලික ජනතාව ඝාතනය කරනවා. මේක බෞද්ධයන් කළ වැඩක් නෙමෙයි. හැබැයි දැන් මේක ගේන්නේ එතනට.

ඉස්ලාම් ජනතාව එක්ක අපි තරහ නෑ. ඕගොල්ලෝ මේ රටේ වෙළඳාමට තනියම ආවේ. අපේ කානතාවෝ තමයි ඔයාල විවාහ කරගත්තේ. අපි තරහක් නෑ. පෘතුගීසීන් මුස්ලිම් අයට එළොව එළොව පහර දෙද්දි ජීවිත බේරගන්න උඩරට සිංහල රාජ්‍යයට පළාගියේ. එදා සෙනරත් රජ්ජුරුවෝ තමයි ඒ අය දිගාමඩුල්ලේ, නුවර, ගම්පොළ, අකුරණ පදිංචි කළේ.

සිංහල අපි අතින් ඉතිහාසයේ වැරදි සිදුවෙලා තියෙන්නේ දෙතුන් පාරයි. අපි ඒවාට සමාව අරන් තියෙනවා. ඒ නිසා මේ බෝම්බය ගැහුවේ සිංහල බෞද්ධ ප්‍රජාව නෙමෙයි. මේක කළේ ඉස්ලාම් අන්තවාදීන්. අපි කතෝලික පල්ලිය එක්ක වගකීමෙන් වැඩ කරලා තියෙනවා. කාදිනල්තුමානි, බෞද්ධයන්ගේ පැත්තට නම් මේක ගේන්න එපා. බෞද්ධයන් විදිහට වැඩ කළ දේශපාලන නායකයෝ වැරදි කරලා තියෙනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගවලින් අල්ලගන්න.

ජනප්‍රිය පුවත්  කොවිඩ් කාලේ මගේ යාළුවෙක් එකතු කළ තෙල් තවම තියෙනවා! දැන් එහෙම කරන්න එපා!

කාදිනල්තුමාගේ හැසිරීම ගැන අපට කනගාටුයි. සිරිල් ගාමිණී පියතුමා, ජූඩ් ක්‍රිශාන්ත පියතුමා කරන්නේ දේශපාලනයක්. විමර්ශන කටයුතු ස්වාධීනව කරන්න ඉඩ දෙන්න. මේක බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ආගමික ආතතියක් ඇති වන තැනට වර්ධනය නොවෙන්න වගබලා ගැනීම කාදිනල්තුමාගේ වගකීමක්. ඔබතුමා වැඩිහිටියෙක් විදිහටත් ආගමික නායකයෙක් විදිහටත් අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිනවා.”

මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මේ බව ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x