November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්චුනා ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් අරඹයි…

1 min read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී සංවිධානය කර තිබූ ජන රැලියකදී මෙරට තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් අදහස් දැක්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු නියෝග සහ උපදෙස් මත මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය තහවුරු කරයි.

අනුරාධපුරයේ පැවති අදාළ රැස්වීමේදී මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සිදු කළ ප්‍රකාශය මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සහ ඊට ගෞරවයක් එක් කිරීමට කටයුතු කර ඇතැයි පවසමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පොලිසිය වෙත කරන ලද නිල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මකය.

ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතියෙන් තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන බැවින්, එවැනි සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම හෝ ඊට සහාය පළ කිරීම නීතිය හමුවේ බරපතළ වරදක් සේ සැලකේ.

මේ පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවල එක් අදියරක් ලෙස ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x