August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊබ්‍රාහිම් නානාගේ සිනාව කියැවීම

1 min read

මේ වෙලාවේ පට්ට ප්‍රීතියෙන් දෙමටගොඩ මහවිල උද්‍යානයේ වන සිය නිවෙසට වී රූපවාහිනී පුවත් බලමින් “ලල්” එකේ ඉන්නේ වෙනින් කවුරුවත් නොව මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් ය. ඔහු සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ ය. සහරාන් හෂීම්ගේ අන්තවාදී ත්‍රස්ත කල්ලියට එක් වී 2019 අප්‍රේල් 21 වන දා කොළඹ සුපිරි හෝටල් දෙකකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ මේ ඊබ්‍රාහිම්ගේ පුත්තු දෙදෙනාය. ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් ඉන් එක පුතකු වන අතර, ඉන්ෂාෆ් අහමඩ් ඊබ්‍රාහිම් යනු අනෙක් පුතාය. මේ පුතාලා දෙන්නා මේ තාත්තා සමග විටින් විට මේ ප්‍රහාර ගැන නිවසේ දී කතාබහ කරන ලද බව කීවේ, ඒ ගෙදර මෙහ‍ෙකාරියව සිටි දෙමළ කාන්තාවය. දැන් ඒ කාන්තාව ඉන්නේ විදේශගතවය. මේ තාත්තා ඒ “සාක්කිය” විදෙස්ගත කළේ තම ධනබලය යොදාගෙනය.

සහරාන්ලාට අවි ආයුධ හා වෙඩි බෙහෙත් ගැනීමට මෙන්ම තවත් බොහෝ කටයුතු සඳහා මුදල් වියදම් කළේ මේ ඊබ්‍රාහිම් නානා ය. ඒ නිසා ඔහුට අයත් වත්කම්, රන් ආභරණ, මැණික් සහ දේපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාතබාගෙන සහ රාජසන්තක කිරීමට නීතිමය පියවර ගනිමින් විමර්ශනය ද කළේය. එහෙත්, 2026 පෙබරවාරි මාසයේ දී (ජ.වි.පෙ. පාලනය යටතේ) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රන් ආභරණ, මැණික් සහ අනෙකුත් වටිනා භාණ්ඩ තොගයක් මුදාහරින්නට නියෝග කළේය. ඒ අතින් ඊබ්‍රාහිම් නානා පට්ට වාසනාවන්තය.

ජනප්‍රිය පුවත්  ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම!

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සැවොම මුස්ලිම් ය. ඔවුන්ට අනුව ඔවුන් එය කළේ මරාගෙන මැරීම හරහා “ශහීද්” තත්ත්වය ලබා ගැනීමට ය. ඉස්ලාම් දහම වෙනුවෙන් ජීවිතය පූජා කරමින් (මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හරහා) මියයන පුද්ගලයා “ශහීද්” හෙවත් පරිත්‍යාගශීලියකු වන බව ඔවුහු ඇදහූවෝ ය. එමගින් කිසිදු විනිශ්චයකින් තොරව “ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ” නැග සෘජුවම ස්වර්ගයට යාමට හැකියැයි ඔවුහු සිතූහ. එහි දී ඉහළම සැප සම්පත් හිමිවන බවත් ඔවුහු දැඩිව විශ්වාස කළහ. ඉස්ලාම් නොවන පාලන ක්‍රම සහ සංස්කෘතීන් විනාශ කිරීම තමන්ගේ ආගමක වගකීමක් ලෙස ඔවුහු විශ්වාස කළහ. වෙනත් ආගම් අදහන පිරිස ඔවුන් හැඳින්වූයේ කාෆිර්වරුන් ලෙසය. කාෆිර්වරුන් විනාශ කිරීම හරහා තම දහම ස්ථාපිත කළ හැකි බව ඔවුහු විශ්වාස කළහ.

ISIS සංවිධානයේ උමතු මතවාදය වැළඳගත් ඔවුහු මෙමගින් අවසාන වශයෙන් අපේක්ෂා කළේ “කාලිෆ්” පාලනයක් ය. එනම් “Global Islamic Caliphate” බිහිකිරීම ය. එසේ නොමැතිව, ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ පාලනයක් බිහිකිරීම පිණිස ඔවුන් මරාගෙන මැරුණේ නැත.

කෙසේ වෙතත්, මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකොට දැන් වසර 7 ක් ද ගත වී අවසන් ය. ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ නල්ලමලේ අධිකරණය, මේ වනතුරු මේ ප්‍රහාරයට වගකිවයුතු ඊබ්‍රාහිම් නානාට හෝ සහරාන් හෂීම්ගේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ හා ISIS සංවිධානයේ අන්තවාදී මතවාදයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්, ප්‍රහාරයට අවශ්‍ය ජාත්‍යන්තර සබඳියාවන් සහ අරමුදල් සම්බන්ධීකරණය කිරීමට ද සෘජුවම දායක වූ නවුෆර් මවුලවීට හෝ එවැනිම වූ හජ්ජුල් අක්බර්ට හෝ හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්ට හෝ මේ වනතුරු මරණ දඬුවම හෝ මොන දඬුවමක්වත් නියම කර නැත. ඒ නඩු අහන්නේ ඉබිගමනින් ය. මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් ඉන්නේ ඇප ලැබ ෂැපට ෂැපේ තම නිවසේ හාන්සි පුටුවට බරවී ය. අන්තිමට සිදුව ඇත්තේ නල්ලමලේ අධිකරණය දෙන්න තියෙන ඉහළම දඬුවම වූ මරණ දඬුවම ඒ වෙලාවෙ හිටපු පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට ලබාදීමය. අදාළ මිනිස් ඝාතනය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් ඊට අනුබල දීම ඒ තීන්දුවේ ඇති සාමාන්‍ය පදනම ය.

ජනප්‍රිය පුවත්  මධුරෝ සහ හතුරෝ

අපගේ ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. වලක්වා ගැනීමට පියවර නොගැනීමේ වරද කළ එකාට හිමිවන්නේ මරණ දඬුවම නම් හිතාමතාම මිනිසුන් මරා දැමීමට ක්‍රියා කළ එකාලට ගරු විනිසුරන් දෙන්නේ කුමන දඬුවමක් ද ? මේ ප්‍රශ්නය අහන්නට අපට ඇත්තේ කුමන වේදිකාවක් ද ?

නීති විද්‍යාවේ (Jurisprudence) එන දඬුවමක සමානුපාතිත්වය (Proportionality of Punishment) යනු අපරාධයක බරපතලකම සහ ඒ සඳහා ලබාදෙන දඬුවමේ බරපතලකම අතර සාධාරණ සමබරතාවක් තිබිය යුතුය යන ඉතා වැදගත් මූලධර්මය ය. සරලවම කිවහොත් එයින් කියන්නේ, “දඬුවම ලැබිය යුත්තේ වරදේ හැටියට” බවය.

මේ මූලධර්මය විසින් අවධාරණය කරන්නේ, සුළු අපරාධයකට ඉතා දැඩි දඬුවම් ද බරපතල අපරාධයකට ඉතා ලිහිල් දඬුවම් ද නොදිය යුතු බවය. කෲර සහ අසාධාරණ දඬුවම් වලින් පුද්ගලයා ආරක්ෂා කිරීම එහි ඇති උවමනාව ය. එයට කියන්නේ පරම සමානුපාතිකත්වය (Ordinal Proportionality) කියාය. දඬුවම දරුණු වැඩි වූ විට සමාජය නීතිය කෙරෙහි දක්වන ගෞරවය නැති වේ. ලිහිල් වැඩි වූ විට අපරාධ බිය නැති වේ. ඒ අනුව ගත්කළ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2 ට 1 යන පදනමින් බෙදුනු තීන්දුවෙන් දෙන ලද දඬුවම “වරදට සරිලන දඬුවම” වේ ද ?

ජනප්‍රිය පුවත්  කොම්රේඩ් අනුර.. සදා සැනසීම ඔබමය..!!

ඒ දෙදෙනාට තියෙන්නේ නොසැලකිල්ල මගින් අපරාධය වෙන්නට ඉඩ හැරීමේ වරද ය. හිතාමතාම අපරාධය කළේ ඊබ්‍රාහිම්ලා ය. නවුෆර් මවුලවීලා ය. ඊබ්‍රාහිම් නානා ජ.වි.පෙ. ආණ්ඩුව පිහිටුවා දැන් ඉන්නේ ඇප පිට එළියේ ය. අපරාධය වෙන්නට ඉඩ හැරීම මගින් අපරාධයට අනුබල දුන්නායැයි කියන උදවියට මරණ දඬුවම දුන් විට නවුෆර් මවුලවීලා ට, ඊබ්‍රාහිම් නානාලා ට දෙන්නේ මෙරට අධිකරණය කුමන දඬුවමක් ද ?

අපරාධය කළේ මුස්ලිම් අන්තවාදින් ය. මරණ දඬුවම දෙන්නේ සිංහල බෞද්ධයන්ට ය. ප්‍රීති පද්මන් සූරසේනගේ අධිකරණය පට්ට පදිරිය ! මේ මගින්වත් වෙන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිනම් සිංහලයන්ට අල්ලාගේම පිහිටය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x