September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාතාල, මත්ද්‍රව්‍ය නඩු වටගල කල්ලියට !

1 min read

පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලබන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙන්ම පාතාල කල්‍ලි සාමාජිකයන්ගේ නඩු තමන් ඇතුළු කණ්ඩායමක යටතට ගැනීමේ ක්‍රියාන්විතයක් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් දියත් කර තිබේ. ඔහුට සමීප අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මේ වන විට පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික්ගේ සහ පසුව අත් අඩංගුවට ගත් ඔහුගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික්ගේ නීතිමය කටයුතු තිරය පිටුපස සිට මෙහෙයවනු ලබන්නේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බවය.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විශාල ලෙස මුදල් ලබාගෙන කරනුයේ චූදිතයා තුළ විශ්වාසය ගොඩනගා නීති කෘත්‍ය තමන් භාරයට ගැනීම ය. අනතුරුව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු සතුව ඇති බලය උපයෝගීකොටගෙන අදාළ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින් පොළඹවා චූදිතයන් එළියට ගත හැකි ඉඩක් නිර්මාණය කරගැනීම ද ඔහු විසින් සිදු කරනු ලබයි.

මෙම කාර්යයට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට සහාය වන්නේ නීතිඥ අකලංක උක්වත්ත ය. ඔහු ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ප්‍රධානියකු වේ.

ජනප්‍රිය පුවත්  රිෂාඩ් බදියුදීන්ට ජනාධිපතිගෙන් සහතිකයක් !

මීට අමතරව, මෙම ක්‍රියාදාමයට දායක වී සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් දෙදෙනකු වන නීතිඥ නුවන් ජයවර්ධන හා නීතිඥ ජගත් අබේනායක ය. සුනිල් වටගල විසින් අදාළ අපරාධකරුවන්ගේ නීති කාර්යය පිළිබඳ වගකීම පවරාගත් පසු, එම නඩු සඳහා පෙනී සිටින්නේ බොහෝ විට මෙම නීතිඥයන් අතරින් අයෙකු වේ.

මෙය, පරීක්‍ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට ඉමහත් හිසරදයක් බවට පත්ව ඇති අතර, ඔවුන් පවසන්නේ අදාළ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරගෙනයාම මෙමගින් වලකා ඇති බවය.

  • කවිදු ජයතිලක
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x