November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පති චීන සවාරිය අතහරී !

1 min read

මීට දින තුනකට පෙර, (14) අප විසින් ඵල කරන ලද “පොලිස්පති “පොලිෂ්” මගඩියක ! නෝනා රට සවාරියක !” යන පුවත මගින් සිදු කරන ලද අණාවරණය හමුවේ ඉමහත් කලබලයට පත්ව සිටින පොලිස්පති ප්‍රියන්ත වීරසූය එමඟින් හෙළි කර තිබූ සිය පෞද්ගලික චීන සංචාරය අවලංගුකිරීමට තීරණය කර ඇතැයි අපගේ ආරංචි මාර්ග අණාවරණය කර සිටී.

පොලිස්පතිවරයාගේ බිරිඳ වූ නිල්මිණී නීටා සමරතුංග අදාළ චීන සවාරියේ නියැලුනේ, පොලීසියෙ සපත්තු දීප්තිමත් කිරීම සඳහා යොදා ගන්නා “පොලිෂ්” මිල දී ගැනීමේ ටෙන්ඩරයට ඉදිරිපත්ව ඇති Hytera නැමැති චීන සමාගම දුන් මූල්‍ය අනුග්‍රහය මතය.

අදාළ ටෙන්ඩරය ලබා ගැනීමට සුදුසුකම් හිමිකරගෙන නැති Ace නැමැති “පොලිෂ්” වර්ගයට එය පිරිනැමීමෙන් පසු, පොලිස්පතිවරයා ද සිය බිරිඳ පරිදිම චීන සවාරියක රැගෙන යාමට Hytera සමාගම සූදානම් කර තිබිණි. එහෙත්, අපගේ අණාවරණය හේතුකොටගෙන එම පුද්ගලික සංචාරයෙන් වැලකී සිටීමට මේ වන විට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

  • දිදුල මහගම
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x