September 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග

1 min read

අධිකරණය විසින් ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී කළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වුවා.

එම රැස්වීමේදී කරන ලද ප්‍රකාශයට අයත් සී.ඩී පටයක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා සිටියා.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පොලිස්පතිවරයාට නියෝග කළා.

  • හසිත තල්දුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x