July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමති වසන්තගේ වත්කම් හා දේපොළවල වටිනාකම කෝටි 27 ත් පනියි !

1 min read

පසුගිය වසරේ ඇමති වසන්ත සමරසිංහ විසින් ලබා දී තිබෙන වත්කම් හා බැරකම් ප්‍රකාශයට අනුව, ඔහුගේ සමස්ථ වත්කම්වල හා දේපොළවල වටිනාකම රුපියල් මිලියන 275 ක් හෙවත් රුපියල් කෝටි 27.5 ක් පමණ වේ.

මීට අමතරව, එම පවුලට අයත් ව්‍යාපාර, ගොඩනැගිලි කුලී සහ වෙනත් මාර්ගවලින් වාර්ෂිකව රුපියල් මිලියන 15 කට අධික (රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට වැඩි) ආදායමක් ද ලැබෙන බව එම වත්කම් ප්‍රකාශය මගින් අණාවරණය වී තිබේ.

වසන්ත සමරසිංහ අනුරාධපුර තඹුත්තේගම සාම්ප්‍රදායික ගොවි පවුලක උපත ලද පුද්ගලයෙකි. ඔහුගේ පවුල මව පියා ඇතුළුව සහෝදර සහෝදරියන් 10 ක් සහිත විශාල පවුලකි. අනුරාධපුර තඹුත්තේගම ගොවි පවුලකට හිමි විශාල දේපොළ ප්‍රමාණයක් තිබිය නොහැකිවාක් මෙන්ම, පවුලේ සහෝදර සහෝදරියන් 10 ක් සිටින විට තිබෙන කුමන හෝ දේපොළ ප්‍රමාණය ද බෙදී විසිරී යාම සිදුවේ. මෙවන් පසුබිමක් තුළ වසන්ත සමරසිංහට පවුලෙන් උරුම වූ රුපියල් මිලියන 150 ක් සහ රුපියල් මිලියන 75 ක් වටිනා වාණිජ ගොඩනැගිලි දෙකක් හා රුපියල් මිලියන 10 ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක් උරුමව ඇතැයි පැවසීම ඉතා සැකකටයුතු බව පැවසේ.

ජනප්‍රිය පුවත්  ඉන්දියාව, චීනය අවධානයෙන් ! සර්ජිඕ ගෝර් දින දෙක තුණකින් ලංකාවට !

මීට අමතරව, 2013 වසරේ නිෂ්පාදිත රුපියල් මිලියන 15 ක් වටිනා “ටොයෝටා ප්‍රියස්” මෝටර් රථයක් ද, රුපියල් මිලියන 1.43 ක් වටිනා රන් ආභරණ ද, සෙසු පවුලේ සාමාජිකයන් සතුව රුපියල් මිලියන 2.21 හා රුපියල් මිලියන 0.91 ක් (සමස්ත වටිනාකම රුපියල් මිලියන 4.5 ක් පමණ වන රන් පවුම් 17.5 ක්) ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව වේ.

LOLC සමාගමට අයත් රුපියල් මිලියන 12 ක් වටිනා කොටස් 21,000 ක් ද ඔහු විසින් මිලදීගෙන තිබේ. රුපියල් මිලියන 3.25ක් වටිනා සූර්ය පැනල පද්ධති 2 ක් ද ඔහු සතුව ඇත. වාර්ෂිකව ඔහුගේ ආදායම දක්වා ඇත්තේ රුපියල් මිලියන 15 කට හෙවත් රුපියල් ලක්ෂ 150 කට අධික බවය. ඒ අනුව ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12.5 ක් පමණ වන බව පැහැදිලිය.

ඉතා දීර්ඝකාලයක් ජ.වි.පෙ. පූර්ණකාලීන සාමාජිකයකුව සිටමින්, මේ සා විශාල දේපළ ප්‍රමාණයක් සහ මාසික ආදායමක් උපයාගත හැකි තත්වයක් නිර්මාණය කර ගැනීම ඔහු විසින් සිදුකර ඇත්තේ කවර අයුරින්දැයි ඉදිරි ආණ්ඩුවක දී විමර්ශණය කෙරෙනු ඇත.

  • ජගත් ශ්‍රී මාවරල –
ජනප්‍රිය පුවත්  සජිත් බියෙන් !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x