July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරන්ට අල්ලස් දෙන හැටි හකීම් කියයි!

1 min read

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව දරණ උත්සාහය එම අධිකරණවල විනිසුරුවරුන්ට ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.


“අධිකරණ පද්ධතියට ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් හෝ ඇඟිලි ගැසීම් සිදුනොවිය යුතුයි. ඒක මම සිදුවෙනවායි කියන්නෙ නෑ, නමුත් විශ්‍රාම යෑමේ වයස් සීමාව වැඩිකරන්න යන උත්සාහය ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් අධිකරණවල – විශේෂයෙන් අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි උසස්ම අධිකරණ පද්ධතියේ ඉන්න විනිසුරු මහත්ම මහත්මීන්ට ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් හැටියටයි අපි දකින්නේ. ඕක නොකළ යුතුයි කියන එකයි අපේ නිගමනය. ඉතින් ඒ පිළිබඳව අපි විවෘතවම පාර්ලිමේන්තුවේ ඒ කතාව කියලා තියෙනවා”


රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x