නීතිඥ සංගමය මොනවා කළත් අගවිනිසුරුගේ වසර 2 දික් කරනවා ! – ජනාධිපති
1 min read
ශ්‍රී ලංකා නීතඥ සංගමය කුමන විරෝධතාවක් දැක්වුවත් අගවිනිසුරුවරයාව තව වසර 2 ක් සේවයේ තබා ගැනීමට ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනය නතර නොකරන බව ජනාධිපති අනුර කුමාර ඊයේ (03) පස්වරුවේ පැවති තම සමීප නීතිඥයන් කිහිපදෙනෙකු සමග පැවති සාකච්ඡාවක දී අවධාරණය කර තිබේ.
තම පාලනයට තව කාලය තිබෙන බවත්, ඒ නිසා නීතිඥ සංගමය විරෝධතා ඇති කළ ද, ඉක්මනින් ඒවා පහව යනු ඇති බවත් ඔහු එහි දී පෙන්වා දී තිබේ. අධිකරණයේ පූර්ණ සහයෝගය රහිතව ඉදිරි අමාරු කාලය ගෙවිය නොහැකි බවත්, ඒ සඳහා ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු පුටුවේ සිටීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා විසින් එහි දී අවධාරණය කර ඇත.
මේ අතර Underground විසින් ප්‍රථම වරට අණාවරණය කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දේවගැතිවරයාගේ භූමිකාව ඉටු කරන අන්දම දැක්වෙන වීඩියෝව පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි දේවගැති සූරසේන විසින් රහස් පොලීසියට දන්වා ඇත.
එමෙන්ම, අධිකරණයේ ඉහළ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ග කරන ලදහොත් ඊට සමගාමීව විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු රාජ්‍ය සේවයේ බොහෝ අංශ තම විශ්‍රාමික වයසත් ඒ හා සමානව දීර්ග කරන මෙන් ඉල්ලා සටන්වැදීමට තීරණය කර තිබේ.
- කමල් ජයතුංග –
