April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න! ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක්!

1 min read

ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් පසුවිය යුතු බවය.

“දින 11ක් පුරා ව්‍යාප්තවන ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ පමණක් 7 වතාවක් සයිරන් නාදවුණා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ‍ඊශ්‍රායල් ආරක්ෂ හමුදා දන්වනු ලැබුවා තමන්ට ‍ඊශ්‍රායලයේ තියෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘතකරන්න එපා මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තියෙනවා.”

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

ජනප්‍රිය පුවත්  ප්‍රමිතිය නොතකා ඖෂධ මිල පාලනය කළොත් රෝගී ජීවිත අනතුරේ!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x