ගල් අඟුරු ‘ස්පොට්” ටෙන්ඩරයත් බාල ගල් අඟුරු ගෙන ආ සමාගමට!
1 min read
නොරොච්චෝල විදුලිය බලාගාරය මගින් අවශ්‍ය විදුලිය ප්‍රමාණය උත්පාදනය කිරීමට නොහැකිවීම මත, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව හදිසි මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය අද (11) සිදුකර තිබේ. එම ටෙන්ඩරය ද හිමිකරගෙන ඇත්තේ මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති බාල ගල් අඟුරු ලංකාවට ගෙන ආ ‘ටයිටන්’ නැමැති සමාගම විසිනි. මෙ.ටො. 1 ඇමරිකානු ඩොලර් 128 මෙවර ලබා ගෙන ඇති එම සමාගම, බාල ගල් අඟුරු ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ මෙ.ටො. 1 ඇමෙරිකන් ඩොලර් 80 කට ය.
කෙසේ වෙතත්, තාක්ෂණික ඇගැයීම් කමිටුව හමුවට යාමේදී මෙම ටෙන්ඩරය අවලංගු කිරීමේ අවධානමක් වෙතැයි එම සමාගම හා බලශක්තිය ඇමතිවරයා අතර සාකච්ඡා සිදුවී තිබේ. එය කවර අයුරින් හෝ විසඳා ගත යුතු බවත්, එම කමිටුවෙන් බාධා ඇති වුවහොත් වහාම අධිකරණයේ පිහිට පැතිිය යුතු බවත් අමාත්‍යවරයා සමග එම ආයතනයේ දේශීය නියෝජිතයින් සාකච්ඡා කරගෙන තිබේ.
පද්ම තිලක සේනාධිර
