April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණයට විශේෂ මෝසමක්: විමර්ශන පක්ෂග්‍රාහී බවට බරපතල චෝදනා!

1 min read

පසුගියදා අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අද (2026 මාර්තු 11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත විශේෂ මෝසමක් ඉදිරිපත් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

නඩු අංක 35882/24 යටතේ ගොනු කර ඇති මෙම මෝසම මගින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සහ විමර්ශනවල ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු රැසක් අධිකරණයට වාර්තා කර ඇත. පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට, නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමේ පහත සඳහන් ප්‍රධාන කරුණු සංක්ෂිප්තව ඇතුළත් වේ:

නීති විරෝධී නිවාස සෝදිසිය සහ නීති උල්ලංඝනය කිරීම


  • 2026 පෙබරවාරි 25 වන දින සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නොවන බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගේ නිවස පරීක්ෂා කර තිබේ.

  • එම සෝදිසිය සඳහා කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් සහභාගී කරගෙන නොමැති බවද මෝසමේ දැක්වේ.

  • රැඳවුම් නියෝගයක් ලබා ගෙන පැය 48ක් ඉක්මවීමට පෙර අදාළ මහේස්ත්‍රාත්වරයා වෙත එහි සහතික පිටපතක් ලබා නොදීමෙන්, පැමිණිලිකරු විසින් 2022 අංක 12 පනත මගින් සංශෝධනය වූ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ “9 අ” වගන්තිය උල්ලංඝනය කර ඇති බව එහි පෙන්වා දී ඇත.
ජනප්‍රිය පුවත්  වන්දි ගෙවන්න කෝටි 15,000ක්! බැංකු ණයක් ගන්න විදුලි බල මණ්ඩලයේ සූදානමක්…!!


නීතිඥ රහස්‍යභාවය කඩකිරීම සහ මානසික වධහිංසා


  • සැකකරුට සිය නීතිඥවරයා හමුවීමට අවසර ලබා දී තිබුණද, එම හමුවීම තුළ නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට මුහුණලා වාඩි වී සංවාදයේ සටහන් තබාගෙන ඇති අතර, එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් එය පටිගත කිරීමටද උත්සාහ කරමින් “නීතිඥ-සේවාදායක” රහස්‍යභාවය උල්ලංඝනය කර තිබේ.

  • සැකකරුගේ සහෝදරයා ඔහු බැලීමට ගිය අවස්ථාවේදී, තමා මානසික වධයකට සහ අවමන් සහගත සැලකිල්ලකට භාජනය වන බව සැකකරු විසින් පවසා ඇත. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතත් මෙතෙක් ප්‍රතිචාරයක් නොමැති බවද වාර්තා වේ.


විමර්ශන කණ්ඩායමේ පක්ෂග්‍රාහී බව පිළිබඳ චෝදනා


  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු A.N.J. ද අල්විස් කමිටුව මගින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න යන මහත්වරුන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කළ යුතු බවට නිර්දේශ කර ඇත.

  • ඒ අනුව, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 1411/22 සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 34097/24 යටතේ ඔවුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

  • මෙවන් පසුබිමක, එකී පුද්ගලයන් විසින් මෙම සැකකරුට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රධානත්වය ගැනීම මගින් විමර්ශනයේ පක්ෂග්‍රාහී බව, අසාධාරණ භාවය සහ ලබැඳියාවන් අතර ඝට්ටනයක් තහවුරු වන බව මෝසමෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහයක්!


අධිකරණයෙන් ඉල්ලා ඇති නියෝග


  • පොලිස් ආරංචිමාර්ග තවදුරටත් තහවුරු කරන පරිදි, මෙම මෝසම මගින් පහත නියෝගයන් අධිකරණයෙන් ඉල්ලා ඇත:
  • අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වගන්තිය යටතේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කිරීම.

  • අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය යටතේ මෙම විමර්ශනය වෙනත් අපරාධ විමර්ශන කණ්ඩායමකට මාරු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීම.

  • සැකකරුට සිදුවන කෲර සහ මානසික වධ බන්ධන හේතුවෙන් ඔහුව වෙනත් ස්ථානයකට මාරු කිරීම සහ අධිකරණ අවසරයකින් තොරව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට ගෙන යාම වැළැක්වීම.

  • ආහාරවලට වස මිශ්‍ර කර ඝාතනය කිරීමේ බියක් පවතින බැවින් නිවසින් ආහාර ලබාදීමට අවසර දීම සහ 3 වන සැකකරු අධිකරණ මානසික විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම.

  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය ප්‍රකාරව රහස්‍යභාවය සුරකිමින් නීතිඥයින්ට සහ පවුලේ සාමාජිකයින්ට සතියකට දින දෙකක් සැකකරු වෙත ප්‍රවේශය ලබාදීම.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x