October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රටේ භූමියෙන් 30%ක් නාය අවදානමේ

1 min read

නාය යෑමක් ඇතිවිය හැකි ස්ථානවලට අමතරව, එම නාය ගමන් කරන මාර්ගයද සිතියම්ගත කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය විසින් ආරම්භ කර ඇත.

ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යාමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ හඳුනාගෙන තිබේ. මෙම නාය ගිය ස්ථාන සියල්ලම මීටර් 10කට වඩා පළලකින් යුතුය.

ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය විසින් නායයෑම් අවදානම් දිස්ත්‍රික්ක 14ක් හඳුනාගෙන තිබෙන අතර, ඉන් මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හය ප්‍රධාන වේ. මෙරට සමස්ත භූමියෙන් සියයට 30ක් (30%) නායයෑමේ අවදානම් සහිත බවත්, මෙම කලාපය තුළ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 38ක් (38%) පදිංචිව සිටින බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x