October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව වෙනුවෙන් මහින්දගෙන් සංවේදී සටහනක්

1 min read

අතිශය ජනාදරයට පත්ව සිටි ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ වියෝව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා සංවේදී සටහනක් තබමින් අවසන් ගෞරවාචාරය පුද කර තිබේ.

“ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි,” ලෙස සිය සටහන අරඹමින් හිටපු ජනාධිපතිවරයා මෙරට ඉතිහාසය, සංස්කෘතිය සහ බුදු දහම තුළ ඇතුන්ට හිමි වන සුවිශේෂී ස්ථානය සිහිපත් කර ඇත.

අප රටේ ඉතිහාසය පුරාවට ඇතුන් නියෝජනය නොවූ තැනක් නොමැති බව පෙන්වා දී ඇති ඒ මහතා, මහාවංශයේ පිටු අතර මෙම මහා ප්‍රාණියා දැකගත හැකි බවත්, සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ සහ රණබිමේ ඇතා නොසිටි තැනක් නොමැති බවත් සඳහන් කර තිබේ.

එසේම, රාජ්‍යත්වය නියෝජනය කළ ‘කඩොල්’ ඇතා ඉතිහාසය තුළ රජෙකුට සම වූ බවද ඔහු සිහිපත් කර ඇත.

බුදු දහම තුළ ඇතා බෝධිසත්වයෙකු වූ ආකාරයත්, ඇත් පිය සටහන ගජගා වන්නම වූ ආකාරයත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා, අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව සහ ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයක්, පිදුම් ලබන්නෙකු, මඟුල් ලකුණක් මෙන්ම රැකිය යුත්තෙකු බව අවධාරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

“අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්…” ලෙස සිය සටහන අවසන් කරමින් හිටපු ජනාධිපතිවරයා කාවන්තිස්ස හස්තිරාජයාට සිය අවසන් ගෞරවය පුද කර තිබේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x