October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල්ගේ ලේකම්ගේ සේප්පුව උස්සයි !

1 min read

දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නාමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සංජය විෂ්ණු රවින්ද්‍ර සමරසේකර
මහතාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව ආරක්ෂිත සේප්පුවක් අත්අඩංගුවට ගැනීමට අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර ඇත.

නිවසට ඇතුළු වීම ඇති අවකාශ නිවැසියන් විසින් අවහිර කරද්දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ජනෙල් බිඳ හා වහලෙන් බැස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවසේ.
ඒ අනුව පුද්ගලික ලේකම්වරයාගේ නිවස ඊයේ රාත්‍රියේ දහයේ සිට පෙරවරු 4.00 දක්වා සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සෙප්පුව අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් රාත්‍රී දහයට පමණ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී නිවැසියන් විසින් සියලු දොරගුළු දමා ගේට්ටුවද වසා දමා පොලිස් නිලධාරීන්ට ඇතුළු වීම අවහිර කර ඇති අතර පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් නිවසට ඇතුළු වී පැය හයක් පමණ විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම සේප්පුවට ගෙන ඇති බවද පැවසේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x