November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස් සපත්තුවට පුනරුදය ! පොලිස්පතිගේ “පොලිෂ්” ජාවාරම පෙරටම !

1 min read

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බරපතල ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොලිසිය සඳහා සපත්තු පොලිෂ් ලබා ගැනීම සඳහා වූ ටෙන්ඩරය මේ වන විට බලවත් මතභේදයට ලක්ව ඇතැයි පොලීසියේ ආරංචි මාර්ග පෙන්වා දේ.

LA/51/239/2025 දරණ ටෙන්ඩරය යටතේ කළු සපත්තු පොලිෂ් ටින් 350,000 ක් මිලදී ගැනීම පොලීසියේ අවශ්‍යතාවය වී තිබේ. මෙහිදී අඩුම මිල ඉදිරිපත් කරන ලද, එතරම් ප්‍රසිද්ධියක් ලබා නොමැති “Step Care” සන්නාමය වෙනුවෙන් “Ace International” ආයතනයට කොන්ත්‍රාත්තුව ‍ප්‍රධානය කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇත්තේ, තාක්ෂණික ඇගයීම් කමිටුවේ ඊට අදාළ වාර්තාවේ නිර්දේශ සපුරා නොසලකා හරිමිණි.

ඉහත කී ආයතනය අඩුම මිල ඉදිරිපත් කර තිබුන ද, ඔවුන් නියමිත සාම්පල ප්‍රමාණය පවා ඉදිරිපත් කර නැත. තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමෙන් නොනැවතී අදාළ සමාගම අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඇත්තේ ද අසම්පූර්ණව ය. අවශ්‍ය සාම්පල ප්‍රමාණය ටෙන්ඩර් ලංසු ඉදිරිපත් කිරීමේ නියමිත කාල සීමාව තුළ ලබා නොදීමෙන්ම, Ace International ආයතනය ටෙන්ඩරයට සුදුසුකම් ලබා නැති තත්ත්වයට පත් වේ. ජාතික ප්‍රසම්පාදන නීතිවල මේ බව නිරවුල්ව සඳහන් කර තිබේ.

ජනප්‍රිය පුවත්  හෙට (17) හවස 4 ට කොටුවට ජෙප්පො රැස් කරති !

ඒ අතර, මෙකී සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමේ උවමනාව මත පොලිස්පතිවරයා විසින් නීති විරෝධීව ලංසු විවෘත කිරීමෙන් පසු ඊට අදාළ කොන්දේසි වෙනස් කර තිබේ. ප්‍රසම්පාදන නීතියට අනුව එය බරපතල නීතිමය වරදක් වේ. ලංසු ඉදිරිපත් කිරීමෙන් පසුව, දින 90 ක් ඇතුලත භාණ්ඩ සැපයීමට එකඟවෙමින් ඉදිරිපත් කළ ලිපියක් පිළිගැනීම ප්‍රසම්පාදන නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, “සාකච්ඡා නොකිරීමේ” මූලධර්ම සෘජුවම උල්ලංඝනය කිරීමක් වේ.

තාක්ෂණික සුදුසුකම් ඇගයීම සඳහා නීතිමය වගකීම ඇත්තේ තාක්ෂණික ඇගයුම් කමිටුව (TEC) සතුව වුවද එම තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශ නොතකා හැර පොලිස්පතිවරයා තනි අභිමතයට මිල තරඟකාරීත්කාවය පමනක් හුවා දක්වමින් Ace International ආයතනයටම අදාල ටෙන්ඩරය ලබාදීම තීරණය කර තිබේ.

Ace International විසින් පළමුව ඉදිරිපත් කරන ලද බෙදාහැරීමේ කාලසීමාව දින 90 ක අවශ්‍යතාවය ඉක්මවා ගිය එකක් විය. ලංසු විවෘත කිරීමෙන් පසු එම කාල සීමාවට එකඟවෙමෙන් ඉදිරිපත් කරන ලද ලිපියක් පිළිගැනීම ප්‍රසම්පාදන නීති වලට පටහැනිය. තාක්ෂණික කමිටුව විසින් “Step Care” නියැඳිය කාර්ය සාදන පරීක්ෂණ අසමත් බව තීරණය කර තිබිය දී පොලිස්පති එම “පොලිෂ්”ම ටෙන්ඩරය පිරිනැමීමට තීරණය කර ඇත්තේ අප මීට පෙර මෙම ගනුදෙනුවට අදාළව අණාවරණය කරන ලද මහාපරිමාණ අල්ලස හේතු කොටගෙනය. මීට අදාල පූර්ව පුවත්වල සම්බන්ධතාවය මෙහි දක්වා ඇත.

  • කපිලි ගුණතිලක
ජනප්‍රිය පුවත්  වටගලට හිරගෙය ! හර්ෂණ ඉඩමට !
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x