July 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිරසෙන් පක්ෂයක් !

1 min read

“සිරස” නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය අයත් මවූ සමාගම වන කැපිටල් මහරාජා සමූහයේ වත්මන් හිමිකරු ශෂී රාජමහේන්ද්‍රන් විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකර කරළියට ගෙන ඒම සඳහා කටයුතු සූදානම් කරමින් ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා වන සූදානම් කිරීම් කොළඹ 2 – බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ සිට සිදු කෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග අණාවරණය කර සිටී.

එම ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ කොටසක් දැනට වෙන්කර ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය උදෙසා ය. විපක්ෂයට අදාළ ප්‍රහාරය හා ජනාධිපති අනුරගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය ඒ මගින් සිදු කෙරේ. අදාළ නව දේශපාලන පක්ෂය බිහි කිරීම සඳහා වූ මූලික සාකච්ඡා සිදු කෙරෙමින් ඇත්තේ ද එහි ය. දැනට, ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මිල දී ගැනීමේ වෑයමක ද මහරජා ප්‍රධානිහු නිරතව සිටිති.

අනුර කුමාර ජනාධිපතිවරයාගේ පස් අවුරුදු කාලය නිමාවනවාත් සමගම මෙම නව දේශපාලන පක්‍ෂය කරළියට ගෙන ඒමට නියමිතව තිබේ. යාපනයේ දෙමළ පවුලකින් පැවත එන ෂෙවාන් දේවරත්නම් ඩැනියෙල්ගේ මෙහෙයවීමෙන් මෙය සිදුකෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ.

ජනප්‍රිය පුවත්  පොලීසියෙන් කැරැල්ලක්! බුද්ධි අංශ අනතුරු අඟවයි!

මෑතකදී දෙමළ හා වෙනත් සුළු ජාතික පක්ෂ 6 ක් එක් කිරීම පිටුපස ද සිටින්නේ “සිරස” ප්‍රධානින් බව ඒ අනුව අණාවරණය වේ. ජනාධිපති අනුර කුමාරගේ සමීප උපදේශකයකුව සිටින ක්‍රිෂාන්ත කුරේ ද මෙම මෙහෙයුමට පිටතින් සිට දායක වේ.

ජනාධිපතිවරයාගෙන් ගිලිහෙන ඡන්ද එකතු කර ගත හැකිි කෙමනක් බිහි කිරීම මෙහි අරමුණ වී තිබේ. මෙය කරළියට ගැනීමට නියමිතව ඇත්තේ 2029 ප්‍රධාන මැතිවරණයක ආසන්නයේ දී ය.

  • ජනක ප්‍රමුඛ සිරිවර්ධන
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x