September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පති “පොලිෂ්” මගඩියක ! නෝනා රට සවාරියක !

1 min read

ශ්‍රී ලංකා පොලීසිය සඳහා සපත්තු දීප්තිමත් කිරීම වෙනුවෙන් වූ “පොලිෂ්” මිලදී ගැනීම සඳහා මෑතකදී පැවැත්වූ ටෙන්ඩරය, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට අවශ්‍ය පරිදි හසුරුවා ඇතැයි පොලීසියේ ආරංචි මාර්ග පවසයි.

මෙම ටෙන්ඩරයට අදාළව පිහිටුවා තිබූ තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාව, තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට පොලිස්පතිවරයා විසින් එම කමිටුවේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට බලපෑම් කර තිබේ. එම බලපෑමට අනුව ක්‍රියා නොකිරීම මත පොලිස්පතිවරයා විසින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයාට වෙනත් රාජකාරි ස්ථානයකට දඬුවම් මාරුවක් ලබා දී ඇත.

පොලිස්පතිවරයා විසින් උත්සහ දරා ඇත්තේ, තාක්ෂණික කමිටුව විසින් නිර්දේශ කර තිබූ Assent Kivi සමාගම ඉවත් කර, ඒ වෙනුවට චීන සන්නාමයක් වූ Ace සමාගම වෙත ටෙන්ඩරය ලබාදීමට හැකිවන පරිදි තාක්ෂණික කමිටු වාර්තාව සකසා ගැනීමට ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා එම බලපෑමට අවනත වී නොමැත්තේ Ace සමාගමේ නිෂ්පාදන දීප්තිමත් බවින් හීනවීම හා අවස්ථා කිහිපයකදීම එය තාක්ෂණික ඇගයීමෙන් අසමත් වූ නිසාය.

කෙසේ වෙතත්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අදාළ ටෙන්ඩරය චීන සමාගමට වාසිදායක වන පරිදි හැසිරවීමට මේ වන විට ක්‍රියා කරමින් තිබේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිගේ නියෝගයෙන් නිදහස් චතුරස්‍රයේ බෞද්ධ කොඩිය ''මිසින්"!

මෙම චීන සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ Hytera නැමැති සමාගමකි. මෙම සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ බිරිඳ නිල්මිණී නීටා සමරතුංග පසුගියදා චීනයේ සංචාරයක ද නිරත වූවාය. ඇය මීට පෙර විවාහ වී සිටියේ පොලීසියට අදාළ මිලදී ගැනීම් වලට ඉදිරිපත්වන මුස්ලිම් ව්‍යාපාරිකයකු සමග ය. එවකට, පොලීසියේ සැපයුම් අංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ප්‍රියන්ත වීරසූරිය ය. එම මුස්ලිම් ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන ප්‍රියන්ත වීරසූරිය පසුව ඔහුගේ බිරිඳ දික්කසාද කරගෙන තම බිරිඳ බවට පත්කර ගෙන තිබේ. මෑතක දී, නිල්මිණී නීටා සමරතුංග තම පළමු කසාදයෙන් ලැබූ, මේ වන විට විදෙස්ගතව අධ්‍යාපනය ලබන පුතු වෙනුවෙන් උණ්ඩියල් ක්‍රමයට ඇමරිකන් ඩොලර් 10,000 ක් ද යවා ඇත.

මෙම ටෙන්ඩරයට අදාල චීන සමාගමට ලබාදීමෙන් පසු පොලිස්පතිවරයාට ද චීන සවාරියක් සූදානම් කර ඇති බවද අපගේ ආරංචි මාර්ග අණාවරණය කරයි. “හොරු අල්ලන” ආණ්ඩුවේ “හොරු” අල්ලන පොලීසියේ පොලිස්පති මෙසේනම් වෙන කතා කුමටදැයි පොලීසියේම නිලධාරිහු ප්‍රශ්න කරති.

  • ශාන්ත මැදගොඩ
ජනප්‍රිය පුවත්  ලක්මාලිගේ තාත්තා සොයා දෙන කෙනෙකුට මුදලින් තෑගි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x