September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“නඩුකාරය මස් විකුණත්දි එළුවට නඩුවක් දිනන්න බැහැ” කියල කියමනක් තියෙනවා.. – උවිදු කුරුකුලසූරිය

1 min read

මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන් විසින් තීරුබදු රහිත (Duty-free) වාහන බලපත්‍ර භාවිත කරමින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් මගින් අධිකරණ පද්ධතියේ වෘත්තීය සදාචාරය සහ පරම පවිත්‍රතාවය බිඳවැටෙන බවය.

නඩුකාරයෙක්, තමන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රයෙන් ගෙනාපු වාහනේ, එදාම රෙජිස්ටර් කරල​, එදාම වෙන කෙනෙකුට පවරල සල්ලි කළාම කේස් එක තවත් නරක බව ඔහු පවසයි.

උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන පහළින්..

මම උදේ දාපු පෝස්ට් එක ගැන​ දේශපාලන වහල්ලු වාද කරනව​. ඒක හොඳයි. මේ ඒ ගැන තවදුරටත්;

සමහර මිනිස්සුන්ට නීතිය, සදාචාරය​, වෘත්තීය ගරුත්වය වගේ දේවල් ගැන අවබෝධය අඩුයි. නඩුකාරයෙක් තීරුබදු රහිත බලපත්‍රයට ගේන වාහනය විකිණීම නීති විරෝධි නැහැ කියල තර්ක කරනව. ඒක හැමෝම කරනව කියල​. හැමෝම කරන ඒව නඩුකාරයින්ට කරන්න බැහැ හලෝ. හැමෝම කරන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය​. ඒ වැඩේ නඩුකාරයො කරන එක​. එයාට වාහන දෙකක් ඇතිලු, ඉතිං මේක වික්කම මොකද අහනව සමහරු. ඉතිං හලෝ වාහන තියෙනව නම් මොකටද තීරුබදු රහිත බලපත්‍රයට තවත් එකක් ගෙන්න ගෙන​, ඒක තමන්ට පුද්ගලික ලාභයක් ලබාගන්න විකුණන්නෙ? නඩුකාරයෙක්, තමන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රයෙන් ගෙනාපු වාහනේ, එදාම රෙජිස්ටර් කරල​, එදාම වෙන කෙනෙකුට පවරල සල්ලි කළාම කේස් එක තවත් නරකයි.

ජනප්‍රිය පුවත්  කස්සප හිමි ඇතුළු පිරිසට ඇප

“A goat cannot win a case where the judge sells meat”

“නඩුකාරය මස් විකුණත්දි එළුවට නඩුවක් දිනන්න බැහැ” කියල අප්‍රිකානු කියමනක් තියෙනවා!

“Caesar’s wife must be above suspicion”

“සීසර්ගේ බිරිඳ කිසිම සැකයකට බඳුන් නොවිය යුතුය​” කියලත් කියමනක් තියෙනවනෙ.

ඒ කියන්නෙ රාජකාරි ජීවිතයේදී හෝ පෞද්ගලික ජීවිතයේදී හෝ හැම විටම පරම පවිත්‍රතාවය පවත්වාගෙන යා යුතුය කියන එක.

මෙතන සීසර්ගේ බිරිඳ තමා නඩුකාරය​.

මම වත්මන් අගවිනිසුරුගෙ පින්තූරයක් මේ පෝස්ට් එකට දාන්නෙ එයා තමා මේව ගැන බලන්න ඕන කෙනා නිසා. එයත් අර වැඩේම කරනව නම් සොරි ඩොට් කොම්!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x