“නඩුකාරය මස් විකුණත්දි එළුවට නඩුවක් දිනන්න බැහැ” කියල කියමනක් තියෙනවා.. – උවිදු කුරුකුලසූරිය
1 min read
මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන් විසින් තීරුබදු රහිත (Duty-free) වාහන බලපත්‍ර භාවිත කරමින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් මගින් අධිකරණ පද්ධතියේ වෘත්තීය සදාචාරය සහ පරම පවිත්‍රතාවය බිඳවැටෙන බවය.
නඩුකාරයෙක්, තමන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රයෙන් ගෙනාපු වාහනේ, එදාම රෙජිස්ටර් කරල, එදාම වෙන කෙනෙකුට පවරල සල්ලි කළාම කේස් එක තවත් නරක බව ඔහු පවසයි.
උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන පහළින්..
මම උදේ දාපු පෝස්ට් එක ගැන දේශපාලන වහල්ලු වාද කරනව. ඒක හොඳයි. මේ ඒ ගැන තවදුරටත්;
සමහර මිනිස්සුන්ට නීතිය, සදාචාරය, වෘත්තීය ගරුත්වය වගේ දේවල් ගැන අවබෝධය අඩුයි. නඩුකාරයෙක් තීරුබදු රහිත බලපත්‍රයට ගේන වාහනය විකිණීම නීති විරෝධි නැහැ කියල තර්ක කරනව. ඒක හැමෝම කරනව කියල. හැමෝම කරන ඒව නඩුකාරයින්ට කරන්න බැහැ හලෝ. හැමෝම කරන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒ වැඩේ නඩුකාරයො කරන එක. එයාට වාහන දෙකක් ඇතිලු, ඉතිං මේක වික්කම මොකද අහනව සමහරු. ඉතිං හලෝ වාහන තියෙනව නම් මොකටද තීරුබදු රහිත බලපත්‍රයට තවත් එකක් ගෙන්න ගෙන, ඒක තමන්ට පුද්ගලික ලාභයක් ලබාගන්න විකුණන්නෙ? නඩුකාරයෙක්, තමන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රයෙන් ගෙනාපු වාහනේ, එදාම රෙජිස්ටර් කරල, එදාම වෙන කෙනෙකුට පවරල සල්ලි කළාම කේස් එක තවත් නරකයි.
“A goat cannot win a case where the judge sells meat”
“නඩුකාරය මස් විකුණත්දි එළුවට නඩුවක් දිනන්න බැහැ” කියල අප්‍රිකානු කියමනක් තියෙනවා!
“Caesar’s wife must be above suspicion”
“සීසර්ගේ බිරිඳ කිසිම සැකයකට බඳුන් නොවිය යුතුය” කියලත් කියමනක් තියෙනවනෙ.
ඒ කියන්නෙ රාජකාරි ජීවිතයේදී හෝ පෞද්ගලික ජීවිතයේදී හෝ හැම විටම පරම පවිත්‍රතාවය පවත්වාගෙන යා යුතුය කියන එක.
මෙතන සීසර්ගේ බිරිඳ තමා නඩුකාරය.
මම වත්මන් අගවිනිසුරුගෙ පින්තූරයක් මේ පෝස්ට් එකට දාන්නෙ එයා තමා මේව ගැන බලන්න ඕන කෙනා නිසා. එයත් අර වැඩේම කරනව නම් සොරි ඩොට් කොම්!
