September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

1 min read

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

වර්තමානයේ නැඟී එන ගෝලීය දකුණේ රටවල් ලෝක බහු-ධ්‍රැවීකරණය සඳහා ප්‍රධාන බලවේගයක් බව පෙන්වා දුන් ඒ මහතා, ජාත්‍යන්තර අභියෝග හමුවේ මානව යහපැවැත්ම උදෙසා එකමුතුව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කළේය.

BRICS රටවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා පහක් ඉදිරිපත් කරන ලදී.

කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා වන තාක්ෂණික ඒකාධිකාරය බිඳ දමා එහි ප්‍රතිලාභ බෙදා ගැනීම, වෙළඳ හා ආයෝජන පහසුකම් සැලසීම, ඩිජිටල් කර්මාන්ත සහ බුද්ධිමය නිෂ්පාදන සහයෝගීතාව පවත්වා ගැනීම මෙන්ම විද්‍යා හා තාක්ෂණ කුසලතා බිහි කිරීම එම යෝජනා අතර වේ.

එමෙන්ම සැපයුම් දාමවල ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඒකීයකරණ වෙළඳපොළක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා, චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම හරහා උසස් සංවර්ධනයක් ළඟා කර ගැනීමටත්, ‘එක් තීරයක් එක් මාවතක්’ (Belt and Road) වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමටත් අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ආණ්ඩුව අනතුරු ඇඟවීමක්…!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x