October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහියංගණයේදී විදුහල්පතිගේ යතුරුපැදිය සොරාගනියි

1 min read

මහියංගනය, දෙමටන්ඇල්ල පදිංචි ප්‍රදේශයේ රජයේ පාසැලක විදුහල්පතිවරයා ඊයේ (18) දා පස්වරු 1.30 ට පමණ සිය යතුරු පැදිය බැංකුවක් ඉදිරියේ නතර කර මහියංගණය සති පොළට ගිය අවස්ථාවේ ඔහුගේ යතුරු පැදිය කිසිවෙකු විසින් හොරකම් කරගෙන ගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.

තමා සති පොලෙන් බඩු බාහිරාදිය මිලදී ගෙන යළි යතුරු පැදිය නතර කර තිබූ ස්ථානයට පැමිණ බලන විට යතුරුපැදිය එහි නොතිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 2 ක් පමණ වන බවත් මෙම විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x